“ආණ්ඩුව හංගපු දෙයක් ජනතාවගේ දැන ගැනීමට අපි අද හෙළිකරනවා. පහුගිය අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වූ නිසා අයවැයක් සම්මත කර නොගෙන මේ වසරේ අප්‍රේල් 30 වනතෙක් වියදම්වලට පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කර ගත්තේ අතුරු සම්මත ගිණුමකින්. මාර්තු මාසයේ දෙවැනිදා පාර්ලිමේන්තුවත් විසුරුවා හැරියා. 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය පනත යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. මාර්තු 23වැනිදා ඒ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කළා. මුදල් ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා වාර්තාවට අත්සන් කර තිබෙනවා. වාර්තාවේ 12වැනි පිටුවේ ආණ්ඩුව මුදල් වෙන් කරපු තවත් අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් වෙනවා. මාර්තු සිට මැයි මාසය දක්වා කාලයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයා මාර්තු 06වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස 3කට අදාල අතුරු සම්මත ගිණුමක් සකස් කළ බව එයින් කියවෙනවා. හැබැයි මාර්තු 06වැනිදා පාර්ලිමේන්තුව රැස් වුණේ නැහැ. එහෙම නම් රු. කෝටි එක් ලක්ෂ විසි දෙදාස් නවසීයකට අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කරගෙන තිබෙනවා. අතුරු සම්මත ගිණුමකට ඡන්දය විමසන්න ඕනෑ. මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර තියෙද්දී මේක සම්මත කරගත්තේ කොහොමද? මේ අතුරු සම්මත ගිනුම හැදුවේ කවුද? පාර්ලිමේන්තුවේ ඡන්ද විමසා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බැහැ. එය නීති විරෝධීයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (06) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අන්තර් ජාලය ඔස්සේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා…
“වර්තමානයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග හමුවේ රටේ ආර්ථිකය, ජනතාවගේ එදිනෙදා ජීවිතය පිළිබඳ ගැටලු රැසක් පැනනැගිලා. මාස එකහමාරකට වැඩි කාලයක් ජනතාවගේ සමස්ත ජන ජීවිතයම අඩාල වෙලා. ත්‍රීවීල් රථ රියදුරන්, උපකාරක පංති ගුරුවරයා, ඉදිකිරීම් කර්මාන්තයේ කම්කරුවා ඇතුලු විවිධ තරාතිරම්වල සියලු දෙනාගේ ජන ජීවිතය අඩාල වෙලා. අදටත් 43,000ක් පමණ පිරිසක් බස්නාහිරි පළාතේ හිරවෙලා. වතුකරයේ ජනතාවට දෛනික ජීවිතය පවත්වාගෙන යන්න බැරිවෙලා. වරින්වර සුලු සහනයක් හැටියට ඇඳිරි නීතිය ඉවත් කළත් සමස්ත ජනතාවම නිවාස අඩස්සියේ.
සමස්ත ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව, ආහාර ඇතුළු මූලික අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ ආදායම් මාර්ග පිළිබඳව වගකීමක්, වගවීමක් ආණ්ඩුවට තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය වෙනුවෙන් වසංගතය මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ගත් විකෘති කරනවා. චක්‍රලේඛ, නියෝග, ඇඳිරිනීති ක්‍රියාත්මක කිරීම් වගේම ආර්ථික අතින්ද ජනතාව පීඩාවට පත් කෙරෙන යෝජනා, අදාල නොවන ක්‍රියාමාර්ග ගන්නවා. හොඳම උදාහරණය ආණ්ඩුව පැනවමු මිල පාලනයන් ගණනාවක් ඉවත් කර තිබීම. කවුරුත් දන්නා පරිදි ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට දෙනවා වෙනුවට සැමන් සහ පරිප්පු රු.100ට සහ 65ට දෙනවා කිව්වා. නමුත් ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් අඩුවෙන අතරේ ආණ්ඩුව සැමන් සහ පරිප්පුවල සහනය ඉවත් කළා. ලෝක වෙළඳපොළේ තෙල් මිල තවමත් අඩු වෙමන් තියෙද්දී මේ සහනය ඉවත් කළේ මොන පදනමින්ද? ආණ්ඩුව සැමන්, පරිප්පුවල පාලන මිල ඉවත් කළා වගේම සීනිවල පාලන මිල වූ රු.100යේ පාලන මිල ඉවත් කළා. හාල්වලට මිල පාලනය පනවා තිබූණට වෙළඳපොලේ ඒ මිලට ගන්න නැහැ. ජනතාවට සහනයක් ලැබුණු සියල්ලම මේ වනවිට ආණ්ඩුව ඉවත් කරලා. ලබන 11වැනිදායින් පසුව රට යථාතත්වයට පත්කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ගෙවල්වල හිරවෙලා හිටපු ජනතාවට තවදුරටත් සහන සපයන්න සිදුවෙනවා. නිවාසවල හිරවෙලා සිටි ජනතාව එදිනෙදා කටයුතුවලට එළියට බහිනකොට තමයි පීඩනය වැඩි වෙන්නේ. ජනතාවට ආදායම් ලැබෙන මාර්ග හැදෙන්න තව මාස කිහිපයක් ගත වෙනවා.
සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ලබා ආණ්ඩුව ඉන්ධන මිල සහනය දෙන්නේත නැහැ. ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 130ක් වන විට පෙට්‍රල් ලීටරයට සහ ඩීසල් ලීටරයක් ගෙවන මුදලම ලෝක වෙළඳපොළේ තෙල් බැරලය ඩොලර් 15වූ පසුවත් ගෙවන්න වෙලා. එහෙම නම් දැන් ඉතිරි වන මුදල් කොතෙන්ටද යන්නේ කියලා ජනතාව දැනගන්න ඕනෑ.
2019ට අදාලව ඉදිරිපත් කළ මහබැංකු වාර්තාව 25වැනි පිටුවේ ආණ්ඩුවේ සඳහනක් දක්වා තිබෙනවා. “වෙළඳපොළේ සැලකිය යුතු ලෙස අඩුවී ඇති ඛනිජතෙල් මිල ගණන්වල ප්රතිලාභ ලබමින් මාස 06ක් තුළ රු. බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබීය”. ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවලා. මේ එකතු කරගන්න කෝටි 20,000ක් ගැන කලින් කිව්වේ නැහැ. දැන් කියන්නේ ඒ සහනය අරමුදලකට එකතු කරගන්නා බවයි. මේ අනුව ඉන්දියානු අයි.ඕ.සී. සමාගමට විශාල ලාභයක් ඇදී යනවා. අපි ආණ්ඩුවට බල කරනවා, ඉන්ධන සහනය ජනතාවට ලබාදෙන්න කියලා.
මැයි මාසයට රු.5000 සහනාධාරය ලබාදෙන බව ආණ්ඩුව කිව්වා. පළමුව මේ මුදල ලබාදෙන විට එය ආණඩුවේ දේශපාලන මෙවළමක් බවට පත්කර ගත්තා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඔවුන්ගේ බූදලයකින් දෙන බව තහවුරු කරන්න උත්සාහ කළා. සමාජ මාධ්‍යවලින්, ජනමාධ්‍යවලින්, වගේම අපි ගෙන ගිය උද්ඝෝෂණ නිසා ආණ්ඩුවේ කූට දේශපාලනය යම් ප්‍රමාණයකට පාලනය කරන්න හැකිවුණා. අනු පවුල්වලට මේ සහනායධාරය දුන්නේ නැහැ. ඒ වගේම ධීවර විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප් ලබන අයට විශ්‍රාම වැටුප් මුදල අඩු කරලා රු.5000 දුන්නේ. ලැබිය යුතු සියලු දෙනාට සාධාරණ ලෙස 5000 ලබාදිය යුතුයි. ඒ වගේම ග්‍රාමනිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන් අපහසුතාවයට පත් නොකර බෙදාදීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අයිතියක් ප්රතිලාභලාභීන්ට තිබෙනවා. පසුගිය වාරයේදී වරින් වර චක්‍රලේඛ වෙනස් කරමින් ක්‍රියා කරන හැටි අපි දැක්කා.
ආධාර ලබාදීමට සල්ලි නැති බවයි ආණ්ඩුව කියනවා. විදේශ ආධාර නොලැබුණ බවට තර්ක ගොඩනගනවා. ජනතාවට සහනාධාර දෙන්න ක්‍රම තියෙනවා. ඉන්ධන සහනය එක ක්‍රමයක්. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නැවැත්වීමෙන්. මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් වාහන පාවිච්චි කරනවා. මැතිවරණ කොමසාරිස්වරයා නිශ්චිතවම කියා තිබෙනවා ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමතිවරුන්ට පමණයි නිල වාහන පාවිච්චි කරන්න හැකි බව. ඒ අතර මාර්තු 06වැනිදා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් යෝජනා කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, කැබිනට් අමාත්‍යවරු, විපක්ෂනායකවරයා රාජ්‍ය අමාත්‍යවරු සහ ඒ හා සමාන තනතුරු දරන තැනැත්තන් විසින් දරනු ලබන වරප්‍රසාදයක් ලෙස රජය විසින් ලබාදී ඇති නිල වාහන හෝ නිල නිවාස දේශපාලන පක්ෂයේ අපේක්ෂකත්වය ප්‍රවර්ධණය කරීම සඳහා භාවිතා කරන්නේ නම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා. මේක ඉතාම බරපතල ලෙස මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍යවරයාගේ අත්සනින් ඉදිරිපත් කර තිබෙන සංදේශයක්. රාජ්‍ය ඇමතිවරුන්ට මේ වරප්‍රසාද හිමිකරදී තිබෙනවා. එක ඇමතිවරයෙක් වෙනුවෙන් මාසකට රු.240,000ක් ඉන්ධන දීමනාවක් ලබාදෙනවා. මේ මුදලින් පවුල් 48කට රු.5,000 දීමනාව දෙන්න පුළුවන්. ඇමතිවරුන්ට වාහන 7ක් 8ක් තිබෙනවා. ජනතාවට සහනාධාර දෙන්නේ ඇඟෙන් ඇටයක් ගලවලා ගන්නවා වගේ. නමුත් තමන්ගේ පක්ෂයේ අයට මැතිවරණය වෙනුවෙන් නීති උල්ලංඝනය කරමින් මහජනතාවගේ මුදල් වියදම් කරනවා. මෙය වහාම නවත්වන්න පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට අපි අවධාරණය කරනවා.
ජනාධිපති, කැබිනට් මණ්ඩලය, අගමැති මහා කැපකිරීමක් කරන බව ජනතාවට පෙන්නමින් රාජ්‍ය ඇමතිවරුන්ට පවා මහජන මුදලින් ඡන්ද කරන්න නිවාස වාහන ලබාදෙනවා. ජනතාව නිරෝධායනයට යවනකොටත් වෙනස්කොට සලකනවා. කන්දකාඩුවලට, මඩකලපුවට යවන්නේ එක කොටසක් සුපිරි හෝටල්වලට යවන්නේ තවත් කොටසක්. මේ අතර රාජගිරිය ආයුර්වේදයේ තට්ටු අටක ගොඩනැගිල්ල වෙන පිරිසකට ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. සහන දෙන්නේත් ඇති හැකි, නැති බැරි අය දෙපැත්තට බෙදලා. නිරෝධායනයට යවන්නෙත් සල්ලි තියෙන අයට එක විදිහක්. නැති බැරි කෙනාට තව විදිහකට. ආණ්ඩුව තෝරාගෙන තිබෙන ක්‍රමය නැති බැරි කෙනා මළාට කමක් නැහැ කියන එක බව පැහැදිලියි.
ආණ්ඩුව හංගපු දෙයක් ජනතාවගේ දැන ගැනීමට අපි අද හෙළිකරනවා. පහුගිය අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වූ නිසා අයවැයක් සම්මත කර නොගෙන මේ වසරේ අප්‍රේල් 30 වනතෙක් වියදම්වලට පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කර ගත්තේ අතුරු සම්මත ගිණුමකින්. මාර්තු මාසයේ දෙවැනිදා පාර්ලිමේන්තුවත් විසුරුවා හැරියා. 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය පනත යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. මාර්තු 23වැනිදා ඒ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කළා. මුදල් ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා වාර්තාවට අත්සන් කර තිබෙනවා. වාර්තාවේ 12වැනි පිටුවේ ආණ්ඩුව මුදල් වෙන් කරපු තවත් අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් වෙනවා. මාර්තු සිට මැයි මාසය දක්වා කාලයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයා මාර්තු 06වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස 3කට අදාල අතුරු සම්මත ගිණුමක් සකස් කළ බව එයින් කියවෙනවා. හැබැයි මාර්තු 06වැනිදා පාර්ලිමේන්තුව රැස් වුණේ නැහැ. එහෙම නම් රු. කෝටි එක් ලක්ෂ විසි දෙදාස් නවසීයකට අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කරගෙන තිබෙනවා. අතුරු සම්මත ගිණුමකට ඡන්දය විමසන්න ඕනෑ. මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර තියෙද්දී මේක සම්මත කරගත්තේ කොහොමද? මේ අතුරු සම්මත ගිනුම හැදුවේ කවුද? පාර්ලිමේන්තුවේ ඡන්ද විමසා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බැහැ. එය නීති විරෝධීයි.
මේ අතුරු සම්මත ගිණුමෙන් ආදායම රු. කෝටි හතලිස් දෙදාහක් බවත් වියදම රු. කෝටි එක් ලක්ෂ විසි දෙදාස් නවසීයක් වශයෙන් සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවපු දිනයත් මේ වාර්තාවේ අතුරු සම්මත ගිණුම සම්මත කළ දිනයක් හැටියට දාන්නේ කොහොමද? මේක නිල ලේඛනයක්. දැන් විවාදයට ලක්වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා මුදලක් අවශ්‍ය වේ යැයි ජනාධිපතිවරයා සලකන්නේ නම් එම මුදල ඒකාබද්ධ අරමුදලට නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය තියෙනවා කියලා. පැහැදිලිවම මේ කියන්නේ අතුරු සම්මත ගිණුමක් ගැන නෙවෙයි. මේ කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනයේ ඉඳලා ඉදිරි අයවැය සම්මත කරගන්නා තෙක් මාස 3ක් තුළ වියදම් කරන්න ඒකාබද්ධ අරමුදලින් සල්ලි වෙන්කර ගැනීමේ බලයක් ජනාධිපතිතුමාට තියෙන බවයි. නමුත් මේ සිදුකර තිබෙන්නේ රු. කෝටි එක්ලක්ෂ විසි දෙදාස් නවසීයක අතුරු සම්මත ගිණුමක් හදාගත්තා කියලයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී සම්මත කරගත්ත බව කියන අතුරු සම්මත ගිණුමක් ගැනත් එය සාධාරණීකරණය කරන්න සමහර අය විහිළු තර්ක ඉදිරිපත් කරන එකත් රටේ ජනතාව දැනගන්න ඕනෑ.
ජනාධිපතිවරයාට හිතෙන හැටියට මුදල් වියදම් කරන්න නීත්‍යානුකූල අයිතියක් නැහැ. මුදල් වියදම් කරන්න බලයක් නැතිව ඒකාධිපති ස්වරූපයකින් බලයක් අතට ගෙන ව්‍යාජ ලේඛනයන් සකස් කර තිබීම ඉතාමත් බරපතල දෙයක්. මුදල් ඇමතිවරයා, අමාත්‍යාංශ නිලධාරින් මේ වගේ ගිණුමක් සකස් කළ බවට පිළිගන්නවාද කියලා රටට කියන්න ඕනෑ.
අගමැතිවරයා සෙල්ලම් පාර්ලිමේන්තුව රැස්කරලා කියපු එකම දේ විදේශ ආධාර ලැබුණේ නැහැ කියන එකයි. ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහලා මුදල් ඇමතිවරයා ප්‍රශ්නයට උත්තර ලබාදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට පැවරුවා. ආණ්ඩුව ප්‍රශ්නයෙන් පළාගිහින් සල්ලි ලැබුණේ නැති බව කිව්වා. ආණ්ඩුවම තමයි කිව්වේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිඅරගෙන ලෝක බැංකුවෙන්, යුරෝපා සංගමයෙන් මුදල් ලැබෙන බව. රටේ ජනතාව දැන් ප්‍රශ්න කරන්නේ ඒ ගැනයි. යුරෝපා සංගමය යුරෝ මිලියන 22ක් අනුමත කර තිබෙන බව අප්‍රේල් 09වැනිදා ආණ්ඩුව කිව්වා. අප්‍රේල් 12වැනිදා කිව්වා ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 1.3ක් අනුමත කර තිබෙන බව. මාර්තු 18වැනිදා කිව්වා චීනයෙන් ඩොලර් මිලියන 500ක් අනුමත කර තිබෙන බවත් තව 500ක් වැඩිකර ගන්න කටයුතු කරන බවත්. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128ක් අනුමත කර ඇති බවත් කිව්වා. අගමැතිතුමාගේ සාකච්ඡාවේදී මන්ත්‍රීතුමා අහපු ප්රශ්නයටවත් හරියට උත්තර දුන්නේ නැහැ.
තානාපති කාර්යාල හරහා විදේශ රටවල ඉන්න ලාංකිකයන්ගෙන් මුදල් ලැබිලා තියෙනවා. ඒ රටවල්වල ඉන්න ලාංකිකයන් මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න අතර සල්ලි එකතු කරලා දුන්නා. රජයේ නිලධාරීන් පවා කොවිඞ් අරමුදලට සල්ලි දුන්නා. තව පැත්තකින් තෙල් අරමුදලක් හදන බව ආණ්ඩුව කියනවා. මේ විදියට රටේ ජනතාවත් අනික් පැත්තෙන් විදේශ රටවල් සහ සංවිධාන ලබාදුන් ණය හෝ සහනාධාරත් ලැබුණේ නැහැ කියන මතය තහවුරු කරන්න මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ආණ්ඩුව ජනතාව රවට්ටමින් මුදල් ගසාකන්න උත්සහ කරනවද කියලා සැකයක් තිබෙනවා.
ජනතාව පීඩනයට පත් වෙලාවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නේ. අපි ආණ්ඩුවට බල කරන්නේ රාජ්‍ය ඇමතිවරුන්, ඇමතිවරුන් ඇතුලු අය මැතිවරණ නීතියටත් විරුද්ධව මහජන ධනය අවභාවිතා කරමින් සිටීම වහාම නතර කරන ලෙසයි. ජනතාවට අවශ්‍ය සහනාධාර වහාම ලබාදෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් සාධාරණ ලෙස ක්‍රියාවට නගන ලෙස අපි බලකර සිටිනවා. ඒ වෙනුවෙන් හඬක් ජනතා විමුක්ති පෙරමුණේ අපි නගමින් ඉන්නවා. සියලු ජනතාව මේ මොහොතේ පවතින තත්වය තේරුම් අරගෙන වගකීමකින් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආණඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වගකීමකින් ක්‍රියා කරන ලෙස බල කර සිටිනවා.”










