නාවික සෙබළාගේ පියාට සහ සොයුරාට පහරදුන් මැරයන් රක්ෂිත බන්ධනාගාරයට

නාවික සෙබළාගේ පියාට සහ සොයුරාට පහරදුන් මැරයන් රක්ෂිත බන්ධනාගාරයට

කොරෝනා වැලඳී ඇතැයි පවසමින්, වාරියපොල දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් පුද්ගලයින් සිව් දෙනෙකු හෙට (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වාරියපොල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශණ ද සිල්වා මහතා අද (05) නියෝග කර තිබේ. ඒ හෙට දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ය.

මෙසේ රක්ෂිත බාරයට පත් කෙරුණේ වාරියපොල අමර උදාගම පදිංචි සුසන්ත රාජපක්ෂ, ටී.එම් ආනන්ද, එච්.එම් සමන්ත කුමාර, ආර්.එම්. රෝහණ ජයතිස්ස සහ ඩබ්.එච්. රොෂාන් ඉන්දික කුමාර නැමැති පිරිසකි.

යාපනය ප්‍රදේශයේ නාවික කදවුරක සේවය කරන නාවික සෙබලෙකුගේ පියා සහ සොයුරෙකු එම නාවික සෙබලාගේ බිරිද සහ වසරක් වයසැති බිළිදා වෙසෙන වාරියපොල නෑටිය ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේ දී මෙසේ පහරදීමට ලක්වූ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණ.

රක්ෂිත බාරයට පත්වූ පිරිස අතර වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙකුද සිටින බව වාරියපොල පොලිසිය කියයි. ඔහු ඇතුළු මෙම පිරිස පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් බව ප්‍රදේශවාසීහු පවසති.

Facebook
Twitter
LinkedIn