දඹුල්ල බස් නැවතුම්පොළේ හදිසියේම ඇද වැටුණු සෙබළා රෝහලේදී මියයයි

දඹුල්ල බස් නැවතුම්පොළේ හදිසියේම ඇද වැටුණු සෙබළා රෝහලේදී මියයයි

දඹුල්ල පොදු වැසිකිළිය අසළ අද (04) වැටී සිටි යුද හමුදා සෙබළෙකු රෝහල් ගත කළ අවස්ථාවේදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

යම් අසනීප තත්ත්වයකින් දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළා විනාඩි 30ක පමණ කාලයකට පසු දඹුල්ල රෝහලට ඇතුළු කිරිමට කටයුතු කර තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය පවසයි.

දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවත් සමඟ යුද හමුදා සෙබළා එකවරම බිම ඇද වැටුණු බව වැසිකිළියේ මුදල් අයකරගන්නා පුද්ගලයා පවාස තිබේ.

එම ස්ථානයේ තවත් යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකුද සිට ඇති නමුත් බොහෝදෙනෙකු එම ස්ථානයට ළඟා වී නැත.

තරුණ තරුණියන් කීපදෙනකු එකතුව මෙම යුද හමුදා සෙබළා වහාම ආසන්නයේ තිබුණු තිරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn