පොලී කණ්දකට රට යට වෙයි…

පසුගිය 2019 වසරේ රාජ්‍ය ණය සඳහා පොලිය වශයෙන් පමණක් රුපියල් කෝටි 90,135ක් ගෙවා ඇති බව මහ බැංකු යාර්ශික වාර්තාවෙන් අනාවරණය වෙයි.

මෙය අපේ රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අත්‍යාවශ්‍ය සේවාවන් දෙක සඳහාම වැය වන මුදල මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකි. 2019 වර්ශයේදී සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් දරා ඇති මුළු මුදල රුපිය්ල කෝටි 53,453කි. මෙයින් අධ්‍යාපනය සඳහා දරා ඇති මුළු වියදම රුපියල් කෝටි 29,023ක් වන අතර සෞඛ්‍ය සඳහා දරා ඇති මුළු වියදම රුපියල් කෝටි 24,430ක් ය.

2006 වසරේ රාජපක්ෂ පාලනය ආරම්භ වූ වර්ශයේ රටේ සමස්ථ ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 15,078ක් දරා තිබූ අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් කෝටි 17,110ක් දරා තිබිණි. එම පාලන සමයේදී දේශීය සහ විදේශීය වශයෙන් ඉතා අධික පොලියට ණය ගැනීම නිසා මෙසේ වශාල පොලී ප්‍රමාණයක් ගෙවීමට සිදුවීමේ පදනම වැටී ඇත.

Facebook
Twitter
LinkedIn