අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (03) නිකුත් කරන ලද නිවේදනයකින් සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාව වනවිට මෙරට තුළ කොරෝනා ආසාදිතයින් හමු වී සිට නොමැති බවය.
ඒ බව අගමැතිවරයා සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ “මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය.” යනුවෙනි.
එහෙත් මෙරට තුළ පළමු ආසාදිත රෝගියා වශයෙන් චීන කාන්තාව ජනවාරි 27 වන දින හමු වී සිටි අතර ඒ සම්බන්ධයෙන් රජයට සෞඛ්‍ය අංශ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය දැඩිව අනතුරු අඟවා තිබිණ. එසේම කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මස 30 වනදා නිල වශයෙන් නිවේදනය කරන ලදී ය.
එමෙන්ම ලංකාවේ කොරෝනා යැයි සැක රෝගීන් 16 දෙනෙකු රට පුරා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අනාවරණය කර තිබෙන්නේ 2020 පෙබරවාරි 06 වනදා ය. එම ප්‍රවෘත්තිය 2020 පෙබරවාරි 07 වනදා ලංකාදීප පුවත්පතේ පල කර තිබිණි.
එමෙන්ම ලංකාවේ පළමු කොරෝනා රෝගීයා හමු වූ බවට දිනමිණ පුවත්පත ප්‍රවෘත්තියක් පල කර තිබුනේ 2020 පෙබරවාරි 10 වනදා ය. එම ප්‍රවෘත්තිය අනුව ඇය හමුවී ඇත්තේ පෙබරවාරි 07 වනදා ය.
මේ අනුව ලෝකයේ බොහෝ රටවල් සේම ලංකාවද කොරෝනා වසංගතයට මුහුණදී මාසයකට වැඩි කාලයක් ඉක්ම ගිය පසු මාර්තු දෙවන දින රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය කැඳවි ය. තත්වය මෙසේ තිබියදී අගමැතිවරයා විසින් නිකුත්කළ නිවේදනය ජනතාව නොමග යැවීමේ චේතනාවෙන් නිකුත් කරන ලද්දක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.










