මුලතිව්නි හි රෝධායනය වෙමින් සිටියදී දෙදෙනෙක් මියගිහින්

මුලතිව්නි හි රෝධායනය වෙමින් සිටියදී දෙදෙනෙක් මියගිහින්

cමුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) මිය ගොස් ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතු සඳහා මුලතිව් පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇති අතර අද (03) අලුයම් කාලයේදී අවසන් කටයුතු සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීමට එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි.

නමුත් ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබාදී නැත.

අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට වාර්තා පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලිසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී විසින් පදිංචිකරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කර ඇත.

අදාල මියයාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

“මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයන් අනුව කොරෝනා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රීයේ වාර්තාව ලැබුණා. මේ අය කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය අය දෙදෙනෙක්. ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ. ඔවුන් නිරෝධායනය වනවිට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් පුද්ගලයෙක් 83 හැවිරිදි තංගවේලී නැමැති අයෙක් සහ අනෙක් පුද්ගලයා 81 හැවිරිදි පී.ජී මාර්ටින් නැමැති අයෙක් ලෙස හදුනාගෙන තියෙනවා.”

Facebook
Twitter
LinkedIn