මැයි 04 අරලියගහ මන්දිරයේ සාකච්ඡාවට මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි ජීවතුන් අතර ඉන්න සියලුම මන්ත්‍රීවරු කැඳවලා…

මැයි 04 අරලියගහ මන්දිරයේ සාකච්ඡාවට මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි ජීවතුන් අතර ඉන්න සියලුම මන්ත්‍රීවරු කැඳවලා…

පවතින කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ලබන මැයි 04 වනදා, පැවති පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල හිටපු මන්ත්‍රීවරු අරලියගහ මන්දියට කැඳවා සාකචා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ මේ වනවිට ජීවතුන් අතර සිටින සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව වෙත ආරාධනා ලිපි යොමු කර ඇති බව වාර්තා වේ.

අවසන් වරට පැවති පාර්මේන්තුව කැඳවා කොරෝනා වසංගත තත්වය අවසන් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස දේශපාලන පක්ෂ, ආගමික නායකයන් ඇතුළු පාර්ශව ගණනාවක් ඉල්ලා තිබියදීත් එය නොතකා කටයුතු කරමින් සිටින වත්මන් රාජපක්ෂ පාලනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් වරට පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අරලියගහ මන්දිරයට කැඳවා සාකච්චාවක් සිදු කරණ බව පසුගියදා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මේ වනවිට අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත අගමැතිවරයා විසින් ලිපි යොමු කර ඇත. එහෙත් පැවති පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් ජීවතුන් අතර සිටින සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත මෙලෙස අගමැතිවරයා විසින් ලිපි යවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම කැදවීම හරහා බලාපොරොත්තුවන්නේ පසුගිය පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමක් නොවන අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබන තවත් මාධ්‍ය සංදර්ශණයක් පමණක් බව මෙයින් තහවුරු වන බව ය.

මෙය, ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මේ මොහොතේ සිදුකරමින් පවතින ව්‍යස්ථා විරෝධී කටුයුතු පිලිබදව එල්ලවන ප්‍රබල විරෝධය යටපත්කිරීමේ අරමුණින් මෙලෙස අරලියගහ මන්දිරයට මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රිවරු කැදවා සමාජ අවදානය වෙතකට යොමු කිරීමේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහයක් බවද ඔවූහු පෙන්වා දෙති.

ව්‍යාවස්ථාවෙන් බලය හිමි පාර්ලිමේන්තුව කැඳව අවශ්‍ය මුදල් අනපනත් සම්මත කරගෙන කොරෝනා මර්ධනයට සියලු පාර්ශව දායක කරගන්නවා වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සෙල්ලම් පාර්ලිමේන්තුවක් කැඳවා මාධ්‍ය ඉදිරියේ ප්‍රවෘත්තියක් නිර්මානය කර කාලය ගෙවා දැමීමක් පමණක් බවද ඔවූහු වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn