ඩෙංගුවලින් අවුරුද්දකට 500ක් 600ක් මැරෙනවා ඒත් ඡන්ද කල් දාන්නේ නැහැ…

ඩෙංගුවලින් අවුරුද්දකට 500ක් 600ක් මැරෙනවා ඒත් ඡන්ද කල් දාන්නේ නැහැ…

සෑම වසරකම ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 500ක් 600ක් පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වන නමුත් ඒ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බව කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වසංගතය පැවති සමයේ මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශය කර ඇත.

“පසුගිව රජය තියෙන සමයේ එතුමන්ලා පිලිගතයුතු වෙනවා වර්ශයකට ඩෙංගු වසංගතය නිසා පන්සිය ගණනක් හයසිය ගණනක් සිය ගණනක් මැරෙද්දි තමයි ලංකාවේ සියලුම මැතිවරණ පැවැත්වුනේ. තාම මේ කොරෝනා වසංගතයෙන් මියගොස් තියෙන්නේ 07 දෙනයි.” යැයි එහිදී ඔහු පවසා ඇත.

Facebook
Twitter
LinkedIn