ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414ක් දක්වා ඉහළට ගොස් තිබේ.
ඒ අද (24) සවස 6.00 වන විට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 46 දෙනාද සමගය.
මෙම ගණන දිනක් තුළ මෙරටදී හමු වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස වාර්තා වී ඇත.
මේ අතර අද දිනය වනවිට ආසාදිතයින් 107ක් සුවය ලැබා සිටිති.
වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 300ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Views: 0










