අද (19) දින මේ වනවිට ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇත.
ඒ අනුව මෙරට සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් ගණන 256 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දින කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සමස්ත රෝගීන් 91ක් සම්පූර්ණයෙන් සුවය ලබා තිබේ.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 155 වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙති.
Views: 0










