ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකොන් මහතා අද (17) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 78 වන වියේ පසුවිය.
ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.
පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙක් වන ඒ මහතා සිය රංගන කෞෂල්‍ය කැමරාව ඉදිරියේ මෙන්ම වේදිකාව මත ද දිග හැරුමට උපන් හපන්කම් කියූවෙකි.
ඒ මහතාගේ බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනි ග්‍රේස් තෙන්නකොන් මහත්මියයි.
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් සඟයෙක්ද වන දයා තෙන්නකොන් මහතා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ බිහිවූ විශිෂ්ඨයෙකි.
සුගතපාල සෙනරත් යාපා මහතාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයෙන් 1969 වසරේ සිනමාවට පිවිස ඔහු “අහස් ගව්ව”, “එයා දැන් ලොකු ළමයෙක්”, “බමරු ඇවිත්”, “කරුමක්කාරයෝ”, “සොල්දාදු උන්නැහැ”, “සෙයිලම”, “තරණය” වැනි සිනමා පටවල විවිධ චරිත රඟපා ඇත.
ඔහු රූපවාහිනියේ “තට්ටු ගෙවල්” ටෙලි නාට්‍යයේ උපහාසය දනවන චරිතයක් නිරුපණය කරමින් වඩාත් ජනප්‍රිය විය.
ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමා නිර්මාණයන්ගේ කැපීපෙනෙන චරිතයක් වූ ඔහු මෑතභාගයේ දායක වූ “ස්වරූප”, “දේදුණු ආකාසේ” සහ “28” වැනි චිත්‍රපට ද ඔහුගේ සිනමාවලෝකනයේ නොමැකෙන මතකයන් ය.










