රටේ සියළුම ගොවියන්ගේ එළවළු රජය මගින් මිලදී ගන්නා බවට රජය ප්‍රකාශ කළද තමන්ගේ එළවළු මිලදී ගැනීමට මෙතෙක් රජය එවැනි වැඩපිළිවෙලක් සකස් කර නැතැයි බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල ගොවියෝ මැසිවිලි නගති.
ඔවුන් පවසන්නේ තමන්ගේ එළවළු මිලදී ගැනීමට රජය මගින් මුදල් වෙන්කර නැතැයි ප්‍රාදේශීය ලේකම්වරු පවසන බව ය.
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ වන අතර විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල පිරිසක් සිය එළවළු ගෙන එනු ලබන්නේද මෙම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වෙතට ය.
අද පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ පනවා ඇති ඇඳිරිනීතිය තත්වය හේතුවෙන් මෙම ගොවි ජනතාවට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි වී තිබේ. අඩුම තරමේ රජය මගින් එළවළු මිලදී ගැනීම හෝ ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කරන්නේනම් මෙම ගොවි ජනතාවට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.










