පවතින කොරෝනා වෛරසය පැතිරයාමේ තත්වය හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා ඊයේ (11) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කර සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා…
“අද දින කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා රටපුරා ඇදිරි නීතිය පනවන රටේ සමස්ත ක්‍රියාවලියම අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කරල තියෙනවා. මේ තත්වයත් එක්ක අපි දකින දේ තමයි අපේ රටේ කොරෝනා වසංගතය මූලික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.
හැබැයි කොරෝනා තත්වය මූලික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙද්දි අපි හිතනවා ඒකත් එක්ක මතුවෙලා තියෙන අතුරු ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අමතක කරලා කොරෝනා විතරක් එකම ප්රශ්නය කරගෙන අපිට අපේ රටේ අනාගතය ගොඩනඟා ගන්න ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න හැකියාවක් නැහැ.
ඒ නිසාම කොරෝනා අපේ රටේ මූලික ප්‍රශ්නයක් වෙද්දී ඒ හා සමාන්තරව පැන නගිලා තියෙන අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙනුත් සාකච්ඡාවක් ඒ වගේම ඒ ප්‍රශ්න මගහරවා ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ආණ්ඩුව විදිහට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් ඒ වගේම තමයි අපි හිතනවා ඒ වැඩ පිළිවෙළේ දී අද දවසේ කොරෝනා පරදන්න සියලු පාර්ශව එකතු වෙලා කරන වැඩ සටහනකට සියලු පැතිවලින් සහයෝගය දෙනවා වගේම ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න අපිත් අපේ සහයෝගය දෙන්න ලෑස්තියි.
එතකොට අපිට මෙම කොරෝනා වසංගතය හමුවේ මතුවෙලා තියෙන තත්වය සමග අධ්‍යාපන ක්ෂේත්රය තුළ මතුවෙලා තියෙන ගැටළු සාකච්ඡා කරද්දී මුලින්ම සාකච්ඡා කරන්න තියෙන දේ තමයි අද දවස වෙනකොට පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය වහල දාල සම්පූර්ණයෙන්ම ඒ තුළ ක්‍රියාකාරීත්වය නතර කරලා මේ වෙනකොට මාසයක් ගතවෙලා තියෙන්නේ. ඉතින් මේ මාසයක් පරිපූර්ණ වීමත් එක්ක අපේ රටේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන මට්ටම් පවත්වා ගෙන යන්න ඒ වගේම ඒ ගොල්ලන්ගේ සාමාන්‍ය අධ්‍යාපනික මානසිකත්වය පවත්වාගෙන යන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඉදිරි ඒ වැඩපිළිවෙළ තියෙන්නෙ සමස්ත රටක් විදිහට රාජ්‍යයක් විදියට මැදිහත් වෙලා හදන්න ඕන වැඩපිළිවෙළක්. මොකද කලින් සඳහන් කළ පරිදි එක පැත්තකින් අධ්‍යාපන ක්ෂේත්රය කඩාවැටෙන්න දිය නොහැකී වගේම අධ්‍යාපනය ලබමින් ඉන්න ශිෂ්‍ය ප්‍රජාවගේ මානසික මට්ටම කඩා වැටෙන්නත් දිය නොහැකි. ඒ පැති දෙක ගැනම හිතලා අපේ රටේ අධ්‍යාපනය සඳහා කියලා වැඩපිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අද දවසේ විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන්ට නිවෙස්වලට වෙලා ඉන්න සිද්ධ වෙලා තියන හේතුවත් එක්කම අද ඔවුන්ගේ සාමාන්‍ය අධ්‍යාපනික මානසිකත්වය වෙනස් වෙමින් පවතිනවා. ඒ වගේම තමා ඔවුන් ඇබ්බැහි වීම් සඳහා යොමු වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මනෝ විද්‍යාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මොකද විශේෂයෙන්ම අපේ රටේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවෙන කණ්ඩායම්වල හා අනෙකුත් කණ්ඩායම්වල ඔවුන්ගේ දුවා දරුවන්ට සිය දෙමව්පියන් සමග සිටීමේ හැකියාවක් නැහැ. සිය නිවෙස් තුළ දී පවා. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සැලකිලිමත් වීමක් ද අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැම පැත්තක් ගැනම හිතලා වැඩපිළිවෙළක් අද අපි රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කළ යුතු වෙනවා.
එම අවස්ථාවේදී විෂේශයක් විදිහට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගත්තොත් අද වනවිට ආණ්ඩුව විදිහට වරින් වර විවිධ අවස්ථාවලදී කියනවා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න යන්න ඔන්ලයින් ක්‍රමවේදය පාවිච්චි කරනවා කියලා. හැබැයි අපි දන්නවා මේක දැන් අපේ රටේ කොයිතරම් සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවද කියලා. ඇත්තටම අපේ රටේ මේක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මේක සම්පූර්ණයෙන් අතාරින්න කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් මෙහෙම ඔන්ලයින් වැඩපිළිවෙළක් තියෙනවා නම් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් හදනවා නම් ඒ සඳහා සහභාගි කරගත හැකි සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම දෙන්න පුළුවන් උපරිම දැනුමක් දෙන්න, හැකි උපරිමයෙන් සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙලා තියෙන දේ තමයි අද දවසේ ඒ වැඩපිළිවෙළ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ පවත්වාගෙන යන ඒ වැඩපිළිවෙළ උඩින් චක්‍රලේඛ ගහලා එවල. පහළ ඉන්න අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බලපෑම තියෙන්නෙ ඒ නිසා. ගොඩක් තැන්වල එක් එක් කලාප මට්ටමින් කොට්ඨාස මට්ටමින් පළාත් මට්ටමින් විවිධ තීන්දු තීරණ අරන් ක්‍රියාත්මක කරමින් යනවා. නමුත් ඒවා සාර්ථක වෙලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන් කමක් නැහැ.
ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සැලැස්මක් විදිහට වැඩ පිළිවෙළක් විදිහට මැදිහත්වීමක් කරන්න ඕනා කියලා අපි විශ්වාස කරනවා. එක පැත්තකින් ඔන්ලයින් වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න විශේෂයෙන් ගත්තොත් ගොඩක් රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා විශේෂ ඇප් වර්ග. විවිධ දුරකථන සමාගම් හා සමගාමීව ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය හරහා ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන ක්‍රමවේදය අපේ රටේ වගේම ලෝකයේම මේ තාක්ෂාණය භාවිත කරනවා. දැන් මේ වනවිට පාසල් ශිෂ්‍යයන්ට අදාලව එහෙම මධ්‍යගත සැලසුමක් ක්රියාත්මකවෙමින් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි සැළසුම් සහගත මැදිහත්වීමක් මේ සඳහා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
නමුත් කලින් ප්‍රකාශ කළ පරිදි එමගින් එන්න පුළුවන් දුර සීමිතයි. මොකද අපේ රටේ විශාල ප්‍රමාණයක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් ක්‍රමවේදය ඇතුළත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඔවුන් තියෙන පහසුකම් මදි කම නිසා ඔවුන් දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන නිසා ඒ හැකියාව නැහැ. ඉතින් ඒ නිසා, ඒ සඳහා පුළුවන් කමක් තියෙනවා නම් රූපවාහිනී නාලිකා පාවිච්චි කරලා ක්‍රමවේදයක් සකස් කිරීම හොදයි, අද වෙද්දි විවිධ රූපවාහිනී නාලිකා හරහා අක්‍රමවත් විදිහට විවිධාකාර අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි එහෙම නිශ්චිත ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක කර ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙමින් තියෙනවා. මේ සියල්ල කරන්න තියෙන්නෙ ආණ්ඩුව මැදිහත් වෙලා නිශ්චිත වැඩ පිළිවෙලක් හැදුවොත් විතරයි, ඔන්ලයින් හා රූපවාහිනිය හරහා කරන්නේ මොකක්ද, වෙනත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද හරහා කරන්නේ මොකක්ද කියලා නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත් වෙලා හැදීමේ අවශ්‍යතාවයක් තියෙනව.
ඒ වගේම වෙනත් පැත්තකින් ගත්තොත් මේ කොරෝනා වසංගතය අද රට පුරා ගිලගනිමින් තියෙද්දී තව කෙටි කාලයකින් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය ඒමට නියමිතව තියෙනවා. ඉතින් ඒ ශිෂ්‍යයාවන් හා ශිෂ්‍යයන් සඳහා ආණ්ඩුව විදිහට නිශ්චිතව කියන්න උවමනාවක් තියෙනවා මේක නිශ්චිතවම අගෝස්තු මස පවත්වනවාද නැද්ද හා පවත්වන්නේ නම් පවත්වන්නෙ කෙසේද යන්න. අපි විශ්වාස කරනවා ඒක අවශ්‍යයි කියලා. මොකද ඒ ගැන අද වනවිට ආණ්ඩුව සැලැස්මක් තිබිය යුතුයි. මොකද පාසල් පටන් ගන්නකන් ඉඳලා කියන්න අවශ්‍ය නැහැ. දැන් මේ වනවිට දුර දැකලා තව මාස තුනකින් එන්න තියෙන තත්වයට මැදිහත්වීමක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වනවිට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කරමින් තියෙනවා. නමුත් විෂය නිර්දේශ ආවරණය කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව නිශ්චිත සැලැස්මක් පිළියබඳව ශිෂ්‍යයන්ට අදහසක් දීම අත්‍යවශ්‍යයි. නැත්නම් ශිෂ්‍යයන් අසරණ භාවයට පත් වෙනවා. ඔවුන්ගේ දෙමව්පියන් අසරණභාවයට පත්වෙනවා. ඒ නිසා ඔවුන් ව නිශ්චිත අදහසක් දිය යුතු යැයි අපි විශ්වාස කරනවා.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පසුගිය කාලවල තෝරා ගත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ප්‍රමාණය සඳහා දුරකථන දීමක් කරන්න කියලා ඉතින් මේ අවස්ථාවේ අපි හිතනවා විශේෂයෙන් ලබන අගෝස්තු මාසයේ.
පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයන්ට ටැබ් පරිගණක ලබා දීම දුර දුරකථන සේවාවන් නොමිලයේ ම ලබා දීම සහ එම ටැබ් පරිගණක හරහා ඔවුන්ට අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම හා ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වල මෙම වසරේ පෙළ සඳහා පෙනී සිටින සිසුන් සඳහා පමණක්වත් ටැබ් පරිගණක ලබාදෙන ලෙස මේ මොහොතේ අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම මේ මොහොතේ විශ්වවිද් විද්‍යාලවල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා විවිධාකාරයෙන් සිදුකිරීමට උත්සාහ කරනවා. එම කට කටයුතු බොහෝ විට විශ්වවිද්‍යාලවල පරිපාලනයන්ට සහ විශ්වවිද්‍යාල පීඨ පරිපාලනයට සීමාවෙලා තියෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සමහර ස්ථානයන්හි මෙම කරර්තව්යය 90% අනූපහක් පමණ සාර්ථකව ඇතිමුත් බහුතරයක් ස්ථානවල දැකගත හැකි වන්නේ 0% පමණයි. එයින් අදහස් වන්නේ ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම්ට සුදුසු තත්වයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නොමැති බවයි. එමෙන්ම සමහර ස්ථානවල මෙම ක්‍රියාවලිය සියයට පනහේ සීමාවේ පවතියි. ඒ වගේම බොහෝ විශ්වවිද්‍යාල පද්ධතීන්හි මෙම ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා දෙන්නේ පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර පමණයි. ඒ අනුව මෙම ක්‍රියාවලිය විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශය ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.
අනිවාර්යයෙන්ම මෙම ක්‍රියාවලිය හේතුවෙන් වන අනාගතයේ පැමිණීමට නියමිත ගැටලුවක් නම් විශ්වවිද්‍යාලයන්හි පිරිස් වැඩිවීම, කණ්ඩායම් හිරවීම්, විශ්වවිද්‍යාලය තුළ ඇති සීමිත ඉඩකඩ එහි විශාල කණ්ඩායම් ප්‍රමාණයකට ඉගෙන ගැනීමට සිදුවීම් දැක්විය හැකියි. එනිසා මේවාට නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. මන්ද යත් මේ වන විට විශේෂයෙන්ම වෛද්‍ය පීඨවල විශාල බැජ් ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. උදාහරණ ලෙස රාගම සහ නැගෙනහිර වෛද්‍ය පීඨයන්හි ඉගෙනගන්නා බැජ් ප්‍රමාණය හතක් වෙනවා. ඒ අනුව ද 2012 වර්ෂයේේදී උසස් පෙළ ලියූ ශිෂ්‍ය කණ්ඩායම් තවමත් විශ්වවිද්‍යාලයයන් තුල ඉගෙනීම ලබන අතර අද වෙන විට ඔවුන් උසස්පෙළ ලියා අවසන් කර වසර අටක් ගත වෙනවා. එලෙසම ඔවුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වසර හතක් ගත වී අවසන්. නමුත්ව තවමටත් ඔවුන්ට උපාධිය අවසන් කිරීමට හැකියාවක් ලැබී නැහැ. එලෙසම 2019 උසස් පෙළ සමත් සිසුන් කණ්ඩායම් තව මාස කිහිපයකින් හිත ඇතුලට ඇතුලත්ළතලත් කරගැනීමට සිදුවනවා.
එම නිසා මේ වනවිටත් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් නොකර මෙම තත්ත්වයට මුහුණදිය හැක්කේ කෙසේද? තවද වෛද්‍ය පීඨවල විෂය කාලසීමාව කෙටි කිරීමට හැකියාවක් නැහැ. මේ අතර විෂය සීමාව කෙටි කළ හැකි සමහර පාඨමාලා ද තිබෙනවා. නමුත් වෛද්‍ය පීඨවල එලෙස කිරීම්ට හැකියාවක් නැහැ. මන්දයත් සායනික පුහුණුව සඳහා අනිවාර්යෙන්ම ශිෂ්‍යයන් සහභාගි විය යුතු දින ගණනක් තිබෙනවා. එම නිසා ඒවා සීමා කිරීමේ හැකියාවක් නැහැ. එලෙසම සමහර විෂය ක්ෂේත්රයන් කෙලෙසකවත් කෙටි කළ නොහැකියි. එම නිසා මේ සම්බන්ධයෙන් අද සිටම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් අද වන විට අප රටේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව වත් සාකච්ඡාවක්වත් පවත්වා නැහැ. එම නිසා විශ්ව විද්‍යාල ආරම්භ කිරීම්ට ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් යම්කිසි සැලැස්මක් සැකසිය යුතු යැයි අපි යෝජනා කරනවා.
එලෙසම ඔන්ලයින් ක්‍රමවේදය හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉගෙන ගැනීමට අවස්ථාව දී තිබුණත් අනෙක් අතින් මෙයා අසාර්ථක වන ප්‍රධානම හේතුව නම් ඒ සඳහා ශිෂ්‍යයන්ට දුරකතන සමාගම් වෙත ගාස්තුවක් ගෙවීමට සිදුව තිබීමයි. මන්දයත් බොහෝ දුරට ශිෂ්‍යයන් භාවිතා කරන්නේ පෙරගෙවුම් සේවාවන්. අද තිබෙන ඇදිරි නීති තත්වයන් හේතුවෙන් ඉහත කී සේවාවන් ලබාගැනීම සඳහා මුදල් ගෙවීම්ට හැකියාවක් නැහැ. එහෙයින් විශ්වවිද්‍යාල මට්ටමින් පවත්වාගෙන යන ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන් සඳහා ගාස්තු අයකිරීමකින් තොරව සිසුන්ට එම පහසුකම් පරිහරණය කිරීමේ අවස්ථාව දුරකතන සමාගම් හා එක්ව සකසා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
එලෙසම මහපොළ වාරිකය ලැබෙන්නේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩුආදායම්ලාභී ශිෂ්‍යාවන්ට. සියල්ලන්ම දන්නා කරුණක් නම් මෙම වාරිකය ලැබෙන්නේ වර්ෂයකට වාරික දහයක් පමණයි. එනම් වසර තුනක් ඉගෙන ගන්නා ශිෂ්‍යය වාරික 30 කුත්, වසර හතරක් ඉගෙනගන්නා සිසුවෙක්ට වාරික 40 බැගිනුත්, වසර පහක් අධ්‍යාපනය ලබන්නන්ට වාරික 50 බැගිනුත් වේ. ඒ අනුව මෙම මහපොළ ශිෂ්‍යාධාර ලැබෙන්නේ අදාල පාඨමාලාවට සාපේක්ෂ්ව වසරකට වාරික 10 බැගින් අඩු ආදාු ආදායම්ලාභී ශිෂ්‍ය ශිෂ්යාවන්ටයි. එම හේතුවෙන් එම් අඩු ආදායම්ආදායම්ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන සහනයක් ලෙස මෙම මාසවලට අදාල මහපොළ වාරිකය ලබා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. නමුත් එය සමස්ත වාරිකයන්ට එකතු නොකරන ලෙසත්, ඔවුන්ට විශේෂයක් ලෙස සලකා එම මහපොල වාරිකය ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. මන්දයත් අඩු ආදායම් ලාභී පවුල් මේ අවස්ථාවේ ඉතා අප අපහසුතාවයට පත්වී සිටින බැවිනි.
නමුත් අද වන විට සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පසුගිය වසරට ලැබිය යුතු, මහපොළ වාරික ලැබී නෑ. උදාහරණ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ දෙවන වසර සිසුන්ට පසුගිය වසරට ලැබියයුතු මහපොළ වාරික ප්‍රමාණයක් ලැබී නැහැ. මේ හේතුවෙන් අදාල හිඟ මුදල් සමගම මෙම මහපොල වාරිකය මේ මොහොතේ ලබාදෙන්න ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එලෙසම මහපොළ වාරික සමස්ත වර්ග ප්‍රමාණයෙන් අඩු නොකර විශේෂ වාරිකයක් ලෙස ලබා දෙන ලෙස ද අපි ඉල්ලා සිටිනවා.
මේ මොහොතේ පවතින ඔන්ලයින් ක්‍රමවේදය හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෙරහුරුවක් ලෙස ගෙන ඔන්ලයින් ලෙස ධ්‍යාපනය විකිණීමේ උත්සාහයක් අධ්‍යාපන ක්ෂේත්රයේ සිටින නිලධාරීන් මේ මොහොතේ උත්සාහ කරමින් සිටින බවට දැනගන්නට ලැබී තිබෙනවා. ඒනම් ඉදිරියේ දී මුදලට ශිෂ්‍යයන් බඳවා නොගෙන, රාජ්‍ය විශ්වවිද්‍යාල භාවිතා කොට ඔන්න්ලයින් ලෙස අධ්‍යාපනය විකිණීම්ට සූදානම් කිරීමයි. මේ තත්වයට අපගේ ස්ථාවරය නම්, රටේ දියුණුව සඳහා ඔන්ලයින් උගැන්වීම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම වඩාත් සුදුසු බවයි. ඒ අනුව එය පෙරහුරුවක් ලෙස ගත හැකිය. මන්දයත් නරක තත්වයන්වලට මුහුණ දීමට සිදු වන්නේ යම්කිසි අලුත් අතෙකින් ප්‍රමාණයක් එකතු කිරීමෙන් වන නිසාය. ඒ අයුරින් මෙම තත්වයේදීයත් ලබාගත හැකි ජයග්‍රහණ තියෙනවා. එනම් මෙම වසංගත තත්ත්වය හරහා ලබාගගත හැකිය යග්‍රහණ තියෙනවා. දහරණයක් ලෙස පහුගිය කාලවකවානුවේ රට තුළ නවෝත්පාදන සිදු කිරීම ඉහළ යාම දැක්විය හැකියි.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ ද මෙම ඔන්ලයින් ක්‍රමවේදය බද්ධ කර ගැනීම්ට හැකියාවක් තියෙනවා. එම්ගින් පෙන්නුම් කරන්නේ නවීන තාක්ෂණය මෙලෙස බද්ධ කර ගැනීමේ වශ්යතාවයය්. මෙම ක්‍රියාවලිය අනිකුත් රටවල් භාවිතා කරන අතර අප රටේ එය ඉතා සීමා සහිත භාවිතා වී තිබුණා. ඒ අනුව මෙම තත්වය අපිට අවස්ථාවක් කරගත හැකියි.
නමුත් එය එලෙස අවස්ථාවක් කර නොගෙන, නොයෙකුත් පාර්ශව උත්සාහ කරන්නේ මෙම ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉදිරියේදී අධ්‍යාපනය විකිණීමට අදාළ කරන සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි. එසේම අපගේ අදහසට අනුව මෙය සාර්ථක ක්‍රමවේදයක් නොවේ. එයට හේතුව නම් ඔන්ලයින් හරහා පමණක් සම්පූර්ණ අධ්‍යාපනය ලබාදීමට හැකියාවක් නොවීමයි. ඒ අනුව ඔන්ලයින් හරහා උපාධියක් ලබා දීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මන්දයත් ව්ශ්විිද්යාල අධ්‍යාපනය සිදුවන්නේ සංවාද සාකච්ඡා හරහා වේ. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම ශිෂ්‍යයන් හා සමීප හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. එසේ නොමැතිව ලබා දෙන උපාධිය ඵල රහිත එකක් වෙනවා. ඒ අනුව ඵල රහිත උපාධියක් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් විකිණීමට අදාළ සැලසුම් මේ අතර රජය ක්‍රියාත්මක කරමින් සිටින බවට දැනගැනීමේට හැකිවී තිබෙනවා. ඒ අනුව අපේ අදහස් නම් එලෙස උත්සාහයන් තිබෙනවා නම් ඒවා නතර කරන ලෙසත්, ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබාදෙන ක්‍රමවේදයක් අපේ රටේ සංවර්ධනය කිරීමට භාවිතා කරන අත්දැකීමක් ලෙස ගැ මෙම වසංගත තත්ත්වය අවසන් වී නැති කාලසීමාවකට පසුව තමයි විශ්වවිද්‍යාල සහ පාසැල් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නෙ. මන්දයත් එය වෙනත් ප්‍රායෝගික ගැටළු ආරම්භ කිරීමටත් හේතු වන හෙයින්. එහෙයින් විශ්වවිද්‍යාල සහ පාසල් ආරම්භ කිරීමට ප්‍රථම එම ආයතනයන්හි මෙවැනි වසංගත තත්ත්වයන් ඇති නොවීමට අදාල කරන පූර්ව සූදානම් එනම් පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ඒ ආශ්‍රිතව ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා සම්බන්ද වී, ඒ මැදිහත්වීමෙන් සිදු කරන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ හා සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැති අතර අපි සිතන ආකාරයට මෙම වැඩපිළිවෙළ විශ්වවිද්‍යාල සහ පාසැල් ආරම්භ කිරීමට යම්කිසි කාල සීමාවකට පෙර සකස් කළ යුතු දේවල් ද වනවා. ඒ අනුව ඒවා කෙටි කාලයක් තුළ සිදු කළ හැකි දේවල් නොවෙයි.
තවද විශ්වවිද්‍යාලයවල වෛද්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයන් ඇති අතර ඒවායේ අදාළ පහසුකම් ද ප්‍රමාණවත් වන්නේ නැහැ. එහි ශිෂ්‍යන්ට අවශ්‍ය ඖෂධ නොමැත. එමෙන්ම හදිසි අවශ්‍යතාවයකට ඒ තුළ ඇති ගිලන්රථ ද භාවිතා කල නොහැකි තත්වයක් පවතිනවා. එම නිසා ඒවාට අදාළ කරන නිශ්චිත පහසුකම් ලබාදීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස අපි දැනුම් දෙනවා. එලෙසම මෙම වසංගතයෙන් පැතිරීම වැළැක්වීම පිණිස සෞඛ්‍ය අංශ සමඟ බද්ධ වූ අදාළ කරන පූර්ව මැදිහත්වීම් සහ ආශ්රිත වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීම්ක් කරනවා.
මෙම ක්‍රියාවලිය සඳහා ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය සංගම් ලෙස ලෙස ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අපි සූදානම්. එමෙන්ම කොරෝනා වසංගතය පැරදවීමට අවශ්‍ය සියලුම සහයෝගය අපි ලබා දෙනවා.
මොකද කොරෝනා වසංගතය පැරදවීම සාර්ථක වන්නේ රටේ කොරෝනා රෝගීන් ගණන අඩු කරගැනීමෙන් නොවෙයි. එය තීරණය වන්නේ කොරෝනා හරහා මතුවන අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් පැරදවීමත් සමඟයි. එම නිසා අපි අපේ සම්පූර්ණ සහයෝගය මෙම වැඩ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ලබාදෙනවා. නීමට කටයුතු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”










