පවතින කොරෝනා වෛරස් තත්වය හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයැයි ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (11) අන්තර් අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා…
“විශේෂයෙන්ම අද අපි මේ මාධ්‍ය හමුවට එකතුවන්නේ කොරෝනා වසංගතයත් එක්ක මතුවෙලා තියන වටපිටාව ඇතුළෙ අර්බුද ගණනාවක් මතුවෙලා තියෙනවා අධ්‍යාපන ක්ෂේත්රය කෘෂිකර්ම ක්ෂේත්රය හා අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍ර ඒ හා සමානවම අර්බුදයට ගිහින් තියෙනවා. අද අධ්‍යාපන ක්ෂේත්‍රයත් සැලකිය යුතු අර්බුධයකට ගිහින් තියෙනවා.
මොකද මේක අලුත් තත්වයක් මේ අප්‍රේල් මාසය මේ සාමාන්‍ය පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු කාලයක් සාමාන්‍ය නිවාඩු සමයකට එහා යමින් වෙනත් අලුත් තත්වයක් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
මහල්ලා කුඩා දරුවාගේ ඉඳන් සියල්ලෝම උදෑසන අවදිවන්නේ නින්දට යන්නෙත් අද දින රටේ කොරෝනා තත්ත්වය කොහොමද යන්න තොරතුරු විමසමින් රාත්‍රියට ප්රවෘත්ති බලන්න වාඩි වන්නේ අද දින කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ තත්වය හා රටේ තත්වය කුමක්ද කෙසේද යන්න නිරන්තර අවධානය යොමු කරමින්.
එමනිසා හැමෝගේම මනෝභාවය සිතුවිල්ල මේ කොරෝනා වසංගත තත්වය දිශාවට යොමු වෙලා තියෙන වෙලාවක තමයි අද අපි කවුරුත් ඉන්නේ විශේෂයෙන්ම රටේ පාසැල් හා විශ්වවිද්‍යාල දරුවෝ පිළිබඳව මීට වඩා වෙනත් විදියකට කල්පනා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දැනුම් අවබෝධය හා ඔවුන්ගේ අදහස් මේ සම්බන්ධව පාවිච්චියට හා ප්‍රයෝජනයට ගත් යුතුයි.
එසේම ඔවුන්ගේ සහාය සහයෝගය දැනුම් සහභාගී කර ගනිමින් තමයි මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුවෙලා තියෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කළ යුතු වන්නේ අපි දැක්කා අද අධ්‍යාපන ඇමති ඇමැතිතුමා කියනවා උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය ඒ ආකාරයෙන්ම පවත්වනවා කියලා.
ගැටලුවක් තිබෙනවා මේ තත්ත්වය තව කොතරම් කාලයක් ඉදිරියට ඇදෙයි ද කියලා තහවුරුවක් දෙන්න පුළුවන් කමක් නැහැ මොකද ඊයේ වෙනකොට 190 රෝගීන් සංඛ්‍යාව අද උදෑසන වනවිට 197ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා ඉතින් මේ තත්ත්වය අපි හිතුවා 190න් නතරවී මෙතනින් එහාට වර්ධනය නොවෙයි කියලා නමුත් යම් ප්‍රමාණයකට මෙය සැඟවුණු ස්වභාවයක් දක්නට තිබෙනවා මේ තත්ත්වය එක්ක අපි දන්නේ නැහැ අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට පාසල් පද්ධතිය පටන් ගන්න පුළුවන් වෙයිද කියලා ඒකත් එක්ක සැලකිය යුතු අර්බුදයකට යනවා.
උසස්පෙළ දරුවන්ට ඔවුන්ගේ විෂය නිර්දේශයේ සැලකිය යුතු කොටසක් අත් ඇරිලා තියෙනවා වගේම ශිෂ්‍යත්ව දරුවෝ ඒ කියන්නේ වසර දහයක වගේ ඉතා අඩු වයසකින් විභාගයකට මුහුණ දෙන දරුවෝ පිරිසක් ඔවුන්ට සැලකිය යුතු කාලයක් අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඈත් වෙලා ඉන්නවා කියන්නෙත් ඔවුන්ගේ විභාගයට මේක දැඩි ලෙස බලපානවා එම නිසා වඩා සැලකිලිමත් වෙමින් තමයි මේ පිළිබඳව කටයුතු කළ යුත්තේ.
ඒ වගේම උසස් පෙළ විභාගයෙන් අනතුරුව රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත් වීම්ට පමණක් නොවෙයි, විවිධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මෙම උසස් පෙළ විභාගයෙන් අනතුරුවව දරුවෝ යොමුවෙන්න කටයුතු කරනවා. ඒවා පිළිබඳව සැලකිල්ලට අරගෙන තමයි ඒ විභාග පිළිබඳ තීන්දු තීරණ ගත් යුත්තේ.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීමද මේ දිනවල ප්‍රශ්න පත්‍ර ප්‍රකාශ කරන මණ්ඩල විසින් ඒ ප්‍රශ්නපත්‍ර සකස් කරමින් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අප දන්වා පාසල් පද්ධතිය පමණක් නෙවෙයි උපකාරක පන්ති අඩපණ වුණ වටපිටාවක් තමයි මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙන්නෙ මේ තත්වය සාමාන්‍ය පෙළ විභාගයටත් බලපානවා මොකද මාස 3/2 සාමාන්‍ය පෙළ දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ වෙනවා කියන්නේ මේ අවුරුද්ද අවසානයේ පවත්වන සාමාන්‍ය පෙළ විභාගයත් මේ තත්වය මේ ආකාරයෙන්මයෙන්ම බලපානු ලබනවා. එමනිසා ඒවා පිලි පිළිබඳව ඉතා වැඩි අවධානයක් ආණ්ඩුව පැත්තෙන් යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවානවා. ඒ වගේම තමයි නිරන්තරයෙන් ජනාධිපතිතුමාගෙ පැත්තෙන් වගේම වෙනත් අධ්‍යාපන බලදාරීන්ගේ පැත්තෙනුත් දනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් (knowledge based education system) එකක් ගැන සාකාච්චා කරමින් පවතිනවා. අපි හිතනවා මේක දනුම කේන්ද්‍රීය වගේම ගුණය හා කුසලතා කේන්ද්‍රය යන දෙකම සැලකිල්ලට ගත යුතුයයි කියලා. මොකද එහෙම නැත්තන් හුදෙක් රොබෝවරු පමණක් නිර්මානය වේවි. ගැටළුවක් තියෙනව මෙම සමස්තය අධ්‍යාපන ක්රමයේම තියෙන ගැටළුවක් මේ මොහොතේ දනුම කේන්ද්‍රීය අධ්‍යාපනයකට පමණක් අවදානය යොමු කරනවනම් ඒක කිසිසේත්ම සෑහීමකට පත්වන්න පුලුවන් කමක් නැහැ. ඒක අනිවාර්ය ලෙසම ගුණය පිළිබදවත් සැලකිල්ලට ගනු ලබන අධ්‍යාපනයක් බවට පත්විය යුතුව තිබෙනවා.
මේ දින දෙක තුනකට පෙර අධ්‍යාපන ඇමැතිතුමාගෙ පැත්තෙන් ප්‍රකාශයට පත් කරනවා ළමයින්ට කුමණ හෝ මාතෘකාවක් පදනම් කරගෙන පොත් ලියන්න කියන එකක්. අපි හිතනවා ඒක ඉතාම හොඳ අගය කළ යුතු දෙයක් කියල.
අපි වෘත්තිය සමිතියක් ලෙස අගය කළ යුතු දේ අගය කළ යුතුයි. නමුත් මේ ක්‍රියාවලිය සිදු කරද්දි එය හුදෙක් තරඟයකට සීමා නොකර වඩා හොඳ නිර්මාණශීලී ගුණාත්මක දරුවන් තුළ තිබෙන නිර්මාණශීලිත්වයේ ඉහළ නංවන එකක් බවට පත් කළ යුතුයි කියලා.
එහෙම නැතුව සමහර රියැලලිටි ෂෝවල වගේ දරුවන් නිකන් පොතක් ලියලා ඒ හරහා තරගයකට යොමු කරනවානම් ඒක අපි හිතන්නේ නැහැ දරුවන්ගේ නිර්මාණශීලිීත්වය ඔප් නංවන්න ඉවහල් වෙයි කියල.
ඒ නිසා මෙන්න මේ වගේ පොත් ලියන එක හොඳයි. නමුත් හැම දරුවකුටම මේ හැකියාව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. දරුවෝ කොටසක් ඉන්නවා වෙනත් විවිධ පැතිවලත් දක්ෂතා තියෙන. පහුගිය කාලවල අපි දැක්කා දරුවෝ නව නිර්මාණ කරනවා. අපිට පුළුවන් ඒ වගේ පැතිවලට දරුවන්ගේ අවධානය යොමු කරන්න. නව සිතුවිලි තිබෙන නව හැකියාවන් තිබෙන දරුවන් ඒ වගේ පැතිවලට යොමු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම විවිධ පැතිවලට දරුවන් යොමු කරන්න පුළුවන්. එම නිසාම අප යෝජනා කළේ අධ්‍යාපනඥයින්ගේ හා අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්ගේ අදහස් දැනුම යෝජනා සැළකිල්ලට ගෙන යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා. මේ ගෙවන කාලය තුළ දරුවන් විවිධ අවැඩ පැතිවලට යොමු වෙන එක වලක්වා ගන්නේ, දරුවන්ව හොඳ පැතිවලට යොමු කරන්නේ කොහොමද කියන එක.
එමෙන්ම නාගරික පාසල්වල WhatsApp ගෲප් හදාගෙන දරුවන්ට අධ්‍යාපන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. උතුරු පළාතේ කිලිනොච්චිය වගේ කලාපයකින් ප්‍රශ්න පත්‍රයක් මුද්රණයය කරලා එය නිවසට යවන්න උත්සාහ දරලා තියනව. එහි දරුවන් 38,000ක් පමණ ඉන්නවා.
මෙහෙම වෙලා තියෙන්නේ කලාප අධ්යක්ෂවරුන් කොට්ඨාස අධ්‍යක්ෂකවරු මේ අය තමන්ටම වූ අනන්‍ය වූ ක්‍රියාවලියකට යන්න උත්සහ කරල තියෙන්නෙ.
ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයක් ලෙස මධ්‍යස්ථ ක්‍රියාවලියකට ඔවුන් සියලු දෙනා එකතු කරගෙන නැතිකම තමයි අපි දකින්නේ. ඒ නිසා සමස්තයක් ලෙස දරුවන්ගේ මේ අධ්‍යාපන ක්‍රියාවලිය මේ තත්ත්වය හමුවේ කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක. වඩා හොඳ මඟ පෙන්වීමක් අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් සිදු කළ යුතුයි. එසේ නොමැතිනම් ඒ කලාපවල දිස්ත්‍රික්කවල විවිධ තැන්වල විවිධාකාරයෙන් මේ කටයුත්ත ඉදිරියට ගෙනයන්න පුළුවන්කම තියෙනවා. සමහර තැන්වල මේ අනතුරුදායක වන්න පුළුවන් මොකද ඉහත මා සඳහන් කළ කිලිනොච්චිය දිස්ත්‍රික්කය මේ ක්‍රියාවලිය හරහා මේ රෝගය ව්‍යාප්ත විය හැකි ඉඩකඩක් නිර්මාණය වන්න පුළුවන්. ඒ පැත්තෙන් සැලකිල්ලට අරගෙන තමයි යම් වැඩපිලිවෙලක් නිර්මාණය කරගත යුතු වන්නේ.
මේ වෙලාවෙ අපි අවධාරණය කරන්න වගේම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි ඕනෑම මොහොතක දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන්න ඕනෑම මොහොතක ඕනෑම මැදිහත්වීමක් කරන්න ලංකා ගුරුසේවා සංගමයේ අපි වෘත්තීය සමිතියක් ලෙස සූදානම් කියලා.
ඒ වගේම තමයි අපේ මේ රටේ ගුරුවරු මේ පිළිබඳව යොමු කරලා ඔවුන්ගේ දායකත්වය මැදිහත්වීම ලබාදෙන්න අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න සූදානම් කියන පණිවිඩයක් ලබා දෙමින් අධ්‍යාපන බලධාරීන් ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ දරුවන්ගේ තත්වය පිළිබඳ වඩා හොඳ ගැඹුරු අධ්‍යනයක් කරලා ඊට ගැලපෙන වැඩ පිළිවෙලක් සකස් කරන්න. ඒ වගේම අපි ලෑස්තියි අපේ යෝජනා සහ අදහස් ලබා දෙන්න කියන කාරණය අවධාරණය කරනවා.”










