කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු අද (04) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 25 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් 132 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 162 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් 250ක පමණ පිරිසක් දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙති.
Views: 0










