දරු ප්‍රසූතියක් සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේද උපදෙස් මත අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති 28 හැවිරිදි ගැබිණි මාතාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඇය දරුප්රසූතියද සිදු කර ඇති අතර බිළිඳාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂාවට ලක් කරමින් තිබෙන බවද වාර්තා වේ.
ප්‍රසූත වේදනාවෙන් සිට එම මවගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී ඇය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව තිබී ඇත.
එම ප්‍රදේශය මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය නිසා ලොක් ඩවුන් කර ඇති ගමක් වන බැවින් සෞක්‍ය අංශ විසින් ඇයව කොරෝනා ආසාදනය වී ඇත්දැයි හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණයකට ලක්කර තිබේ.
ඇය රෝහලට ඇතුළත් කරන විටත් කොරෝනා වෛරසය ආසාදනය වීමට අදාළ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර පරීෂණයෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
පන්නිල ප්‍රදේශය නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්වන අතර මෙම කාන්තාවට කිසිම අවස්ථාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බැවින් ඇය සාමාණ්‍ය රෝගියෙකු ලෙස මෙලෙස නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදී ඇත.










