කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල, නමුණුකුල පිංආරාව ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ සිට පුද්ගලයින් තිදෙනෙකු නිරෝධායනය කටයුතු සම්බන්ධයෙන් විමසීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප්‍රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇත.
පහරකෑමට ලක්වූ මොවුන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇල්ල නමුණුකුල පිංඅරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 කාන්තාවක් සහ වයස අවුරුදු 45ක් සහ 55ක් වන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පුද්ගලයින් තිදෙනාම ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප්‍රදේශයට පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පවසයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් තිබෙන මිත්‍යා කරුණු හේතුයෙන් මෙවැනි තත්වයක් මතුවන බවත් මෙම තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ජාතිවාදී ගැටුම් ඇවිලුණු ස්වරූපයට කොරෝනා ගැටුම් ඇතිවිය හැකි බවත් සිවිල් ක්‍රියාකාරීහු පවසති.










