අසත්‍ය පුවත් ගැන අකුරැස්ස සමූපෙන් පැහැදිලි කිරීමක් – දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් ලිඛිතව දන්වයි

අසත්‍ය පුවත් ගැන අකුරැස්ස සමූපෙන් පැහැදිලි කිරීමක් – දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් ලිඛිතව දන්වයි

අකුරැස්ස විවිධසේවා සමූපකාර සමිතියට අයත් කෝප්-සිටි ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය යෝදාගනිමින් සිදුකරමින් පවතින අසත්‍ය ප්‍රචාරයන් සම්බන්දයෙන් දකුණු පළාත් අණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ අවදානයට යොමු කරමින් අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති W.T.K රාජපක්ෂ මහතා ලිපියක් යොමු කර තිබේ.

කෝප්-සිටියේ රාක්ක තුළ සහන මිලට අලෙවි කිරීමට තිබූ සැමන් තිබියදී ඊට අමතරව ගබඩාවේ තිබූ සැමන් 300ක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මධ්‍යයද සමග පැමිණ අසත්‍ය පුවතක් නිර්මාණය කළ බවත් සභාපතිවරයා සිය ලිපිය මගින් දන්වා ඇත.

එමෙන්ම සහන මිලට අලෙවි කිරීමට මයිසූර් පරිප්පු කිලෝ 1250ක් ලැබුණු බවත් එම ප්‍රමාණය මේ වනවිට අවසන්ව ඇති බවත් සභාපතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

කිලෝ එකක් රුපියල් 150ක් වන කප් පරිප්පු ඒවා ඉල්ලූ අයට පමණක් ලබා දුන් බවත් මිල ගැටළුව නිසා එම පරිප්පු ද අලෙවි කිරීම නතර කර දමා ඇති බවත් අකුරැස්ස සමූපකාරයේ සභාපතිවරයා සිය ලිපිය මගින් දන්වා ඇත.

තමන් සභාපති ලෙස කටයුතු කරන වරස 16ක කාලය තුළ සිදු කළ සුභසාධන කටයුතු මෙන්ම වත්මන් කොරෝනා තත්වය හමුවේ ජනතාව වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ජංගම රථ යොදාගෙන කටයුතු කළ ආකාරයත් මෙම ලිපිය මගින් දැනුම්දීමට කටයුතු කර තිබේ.

එමෙන්ම පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ සමූපකාර බැංකු මගින් ඇප තැබීමකින් තොරව රුපියල් 5000ක ක්ෂණික ණයක සමිතියේ සියලු සාමාජිකයන්ට ලබාදීමටද කටවුතු කර ඇති බවද සභාපතිවරයා ආණ්ඩුකාරවරා වෙත යොමු කළ ලිපිය මගින් දන්වා ඇත.

එම ලිපය පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn