දි.මු. විසිවේ

නුදුරේදීම සිදුකීරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට අගමැති පදවිය අහිමිවනු ඇති බව අනාවරණය වෙයි. මෙම තනතුර කථානායක චමල් රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ මේවනවිට උද්ගතවී ඇති බරපතල අභ්‍යන්තර අර්බුද අවම කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම ඇමති මණ්ඩල සංශෝධනය ගෙනඒමට සූදානම් වූවද එය තව දුරටත් ප්‍රශ්ණ ව්‍යාකූල කිරීමට හේතුවනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. පවත්නා තත්වය නිසා අවසාන මොහොතේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය අත්හැර දැමිය හැකි බවද වැඩිදුරටත් අනාවරණයවේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් දෙවැනිවර ජය ගැනීමෙන් අනතුරුව දි.මු. ජයරත්න මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමූයේ තාවකාලික පදනම මත බව ඒ දිනවලම අදහස් පලවිය. අග්‍රාමාත්‍ය ධූරය චමල් රාජපක්ෂ මහතාට ලබාදෙන තෙක් තාවකාලිකව දි.මු. ජයරත්න මහතාට ලබාදුන් බවද පලවිය. කෙසේ වෙතත් දි.මු. ජයරත්න මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් අනතුරුව රත්නසිරි වික්‍රමනායක මහතා දැරූ අග්‍රාමාත්‍ය ධූරයටත් වඩා නාමික තත්වයට පත්කරනු ලැබ තිබින.

රත්නසිරි වික්‍රමනායක මහතා මේවන විට කිසිදු වටිනාකමක් හෝ කැබිනට් මණ්ඩල වගකීමක් නොදරන ජ්‍යේෂ්ඨ අමාත්‍ය ධූරයකට පත්කර තිබේ. දි.මු. ජයරත්න මහතාද එවැනි තත්වයකට පත්කරනු ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ආශ්‍රිත පුවත්

අගමැතිදුට කෙනෙහිලිකම් බොහොමයි

Facebook
Twitter
LinkedIn