උඩවලවේ පනාගමුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනය කෙරුණු ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඝාතනය සදහා යොදාගන්නා ලද ගිනිඅවිය සහ කොල්ල කෑ රන්මාලයකුත් ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් සිවු දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී එම ව්‍යාපාරිකයා විසින් ඝාතකයන් හදුනා ගනු ලැබූ නිසා ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සියලුදෙනා ඝාතනය කළ බවද ඝාතනය සිදුකළ ආකාරයද මෙම සැකකරුවන් විසින් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
ප්‍රධාන සැකකරු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
7









