රඹුක්කන කඩිගමුව ප්‍රදේශය බියගන්වමින් කාලයක සිට මැරක්රියාවන් හි නිරතව සිටින කුමාර නොහොත් මිනීමරු කුමාර නැමැත්තා පසුගියදා තියුනු අයුධවලින් පහරදී තිදෙනෙකු ඝාතනය කිරීමට තැත් කර තිබේ.
කෙසේ නමුත් මරණයට පත්ව නැති ඔවුන් මේ වනවිට බරපතල තුවාල සහිතව රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.
මේ සම්බන්ධයෙන් පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් කුමාර ඇතුලු මැරයන් නිදැල්ලේ හැසිරෙමින් සිටින බවත් පැවසේ.
මොහු සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානතම ගෝලයෙකු වන අතර කඩිගමුව ප්‍රදේශයේ තවත් තරුණයන් කිහිපදෙනෙකුද ඔහුගේ පාතාල ක්‍රියාවන් සඳහා හවුල් කරගෙන සිටී. ඔහු මීට අවුරුදු 08කට පමණ පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සිට රඹුක්කන කඩිගමුව ප්‍රදේශයට පැමිණි අයෙකි.
මහීපාල හේරත් මහතාගේ සෘජු මැදිහත්වීම මත මිනීමරු කුමාර නොහොත් කුමාරට රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදී ඇත. අන්ත්‍රාවයි යනුවෙන් එහි වැට වටේ බෝඩ් එල්ලා ඇත්තේ එම ඉඩම වටකර විදුලි වැටක් සවිකර ඇති නිසාවෙනි. ඒ සඳහා නීතියෙන් කිසිඳු අවසරයක් ගෙන නැති බව සොයාබැලීම්වලදී අනාවරණය විය.
වාර්තාවන අන්දමට එම ඉඩමේ නිතර නිතර ප්‍රියසම්භාෂණ පැවැත්වේ. ඒ සඳහා ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින්ද පැමිණෙන බවත් වාර්තාවේ. ඔහුගේ පාතාල ක්‍රියාවන් සඳහා යොදාගන්නා ගිනි අවි ඇතුළු අවි ආයුධ සඟවා ඇත්තේද එම ඉඩමේ බවද පැවසේ.
පසුගිය මැතිවරණ සමයේදී මහීපාල හේරත් මහතාගේ ප්රචාරක කටයුතු සිදුකරන්නන්ට ඔහුවිසින් ආරක්ෂාව සපයා ඇති අතර එක් අවස්ථාවකදී විහාරස්ථානයක සිදුවූ ගැටමකදී කුමාර විසින් ප්‍රතිවාදියෙකුට තැබූ වෙඩි පහරකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ආධාරකරුවෙකු මියගියේය. ඊට අදාළ පොලිස් පරීක්ෂණ ඇතුළු නීති කටයුතු තවමත් ප්‍රමාද වෙමින් තිබේ.









