තවත් කෝටි 80ක් ගොවියගේ හිස මත

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 180ක් වැය වන බවත් ආණ්ඩුව වෙන්කර ඇත්තේ කෝටි 100ක් බවත් කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉතිරි රුපියල් කෝටි 80ක මුදල සාමාජික මුදල් මගින් සොයාගැනීමට බලාපොරොත්තු වන බවයි. ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකිදී ඔහු මේ බව හෙළි කළේය.

කෙසේ වෙතත් මෙවර අයවැය මගින් ගොවීන්ගේ හිග විශ්‍රාම වැටුප ගෙවීම සඳහා මුදල් වෙන් කර නොමැති අතර ඒ සඳහා රුපියල් කෝටි 215ක් පමණ වෙන් කළ යුතු බව ජ.වි.පෙ. මන්ත්‍රී අනුර දිසානායක මහතා පසුගිය 22වෙනිදා පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කර සිටියේය.

කෙසේ වෙතත් ආණ්ඩුව ගොවි විශ්‍රාම වැටුප්ලාභී කල්පිරෙන වයස 63 දක්වා දීර්ඝ කළේය.

Facebook
Twitter
LinkedIn