ජර්මනිය විසින් අභ්‍යාවකාශ ගත කෙරුනු ”රෝසැට්” නම් චන්ද්‍රිකාව පෘථිවිය මතට කඩා වැටී තිබේ. එය පතිතවූ ස්ථානය නිශ්චිතව අනාවරණය කර ගෙන නොමැති අතර ඇමරිකානු ආරක්ෂක තොරතුරු ගණනය කිරීම්වලට අනුව එහි සුන්බුන් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට, චීනයට හෝ මියන්මාරයට කඩාටැටෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
ඒ අතර තවත් ඇමරිකානු විද්‍යාඥයෙකු ප්‍රකාශ කර ඇත්තේ එහි සුන්බුන් ගිණිකොනදිග ආසියාවට වැටෙන්නට ඇති බවය. මේ පිළිබදව මේවන විටත් ආසියාතික රටවලින් තොරතුරු ලැබී නැත. මේ පිලිබදව ජර්මානු අභ්‍යාවකාශ ආයතනය තොරතුරු සොයමින් සිටි.
6









