ලන්ඩන් පාලම මත සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සැකකරු හඳුනාගැනේ

ලන්ඩන් පාලම මත සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සැකකරු හඳුනාගැනේ

ඊයේ(29) දින ලන්ඩන්හි පාලමක් මත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට වගකිවයුතු ත්‍රස්තවාදියා  28 හැවිරිදි උස්මාන් ඛාන් නැමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.

සැකකරු 2012 වසරේ දී ලන්ඩනයේ කොටස් වෙළඳපොළ පුපුරුවා හැරීමේ කුමන්ත්‍රණයට ද වරදකරුවූවෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලන්ඩනයේ පාලමක් මතදී කිසියම් පිරිසක් කලහකාරීව හැසිරී ඇති අතර එහිදී පිහි ඇණුම් ප්‍රහාරයක් ද සිදුව තිබේ. පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය ත්‍රස්ත සැකකරුට වෙඩි තබා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්විය. ඒ වනවිට සැකකරු පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලයකින් ද සැරසී සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්