බරපතල විදිහට මාව නොසලකා හරින්න හේතුවක් නැහැ… මම පොහොට්ටුවේ 50 වෙනි සාමාජිකයා…

බරපතල විදිහට මාව නොසලකා හරින්න හේතුවක් නැහැ… මම පොහොට්ටුවේ 50 වෙනි සාමාජිකයා…

තමන් පොහොට්ටු පක්ෂයේ 50වෙනි සාමාජිකයා බවත් තමන්ට ඇමතිධුරයක් ලබා නොදී බරපතල ලෙස නොසලකා හැරීමට හේතුවක් නැති බවත් ගාලු දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරයි.

තමන් ජනාතාව බලාපොරොත්තු වූ ආකාරයට ඇමතිධුරවලට කටයුතු කළ අයෙකු බවත් ඔවු අවධාරණය කරයි.

චන්දිම විරක්කොඩි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුනේ සතිඅන්ත පුවත්පතක් සමග අදහස් දක්වමිණි…

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර තිබිණි.

“මම දිස්ත්‍රික්කයේ පළමු තැනට ඡන්ද අරගෙන පළවෙනියාට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා මමයි. ඒ වගේම මං දරපු නියෝජ්‍ය කතානායක ධුරය සහ ඇමති තනතුරු දෙකේදී කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බැරි විදිහට වැඩ කරපු බවට ජනමතයක් තියෙනවා. මගේ රාජකාරි කටයුතු පිළිබඳ කිසි තැනක පැමිණිල්ලක් නැහැ.

මම තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත්, කල්පනා කරද්දි දේශපාලනඥයෙක් හැටියට නුසුදුසුකමක් තියෙනවා නම් ඒ මොකද්ද කියන ප්‍රශ්නය හිතට නැගෙනවා. මොකද, රටේ ජනතාව බලාපොරොත්තු වුණු අකාරයට හැසිරුණු දේශපාලඥයෙක් හැටියට පැවරුණු වගකීම් කාර්යක්ෂමව දූෂණයෙන් තොරව කරලා තියෙනවා නම්, දිස්ත්‍රික්කයේ පළවෙනියටම මහජන ඡන්දයෙන් ආපු කෙනෙක් නම්, බරපතළ විදිහට නොසලකා හරින්න හේතුවක් නැහැ කියලා තමයි මම හිතන්නේ.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි පොහොට්ටුවේ පනස්වැනි සාමාජිකයා.”

Facebook
Twitter
LinkedIn