තවත් විදෙස් දැරියකට අතවර

ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතව සිටි පහළොස් හැවිරිදි ජර්මන් ජාතික දැරියක් අපයෝජනය කල බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත‍්‍රාත් එන්. ටී. අයි. අබේගුණස්කර මහත්මිය ඊයේ (11) නියෝග කළාය.

බෙන්තොට ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක රැදී සිටියදී එම හෝටලයේ සේවකයකු විසින් මෙම දැරිය අපයෝජනයකර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රරත්න නැමැති අයෙකි.

Facebook
Twitter
LinkedIn