ශ්‍රී ලංකා පිලෙන් වාර්තාවක්

 

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම  අතර පර්ල් නුවරදී ඊයේ (11) පැවැත්වූ පළමු එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල 258 ක විශිෂ්ට ජයක් ලැබීය.

ලකුණු 302 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියලූ පිතිකරුවන් පන්දු ඕවර 20.1 කදී ලකුණු 43 කට දැවී ගියහ.  එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයවන අතර 1986 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ලකුණු 55 කට දැවී ගොස් තිබිණ. ඒ අනුව වසර 26 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය විය.

අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. ශ්‍රී ලංකා ඉනිමේ කෝසල කුලසේකර ලබාගත් ලකුණු 19 හැරුණු විට සෙසු සියලූ පිතිකරුවෝ ලකුණු 6 සීමාව පසු කිරීමට අසමත්වුහ.

 

Facebook
Twitter
LinkedIn