කැලණි සිසුවෝත් පාරට බසිති

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු වියන් විසින් ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නය හේතුකොටගෙන එම විශ්වවිද්‍යාල පරිශ්‍රෙයේ සිට අද (04) ඇරඹි උද්ඝෝෂනය මේ වනවිට පෙලපාලියක් දක්වා වර්ධනය වී ඇති අතර දහසකට වැඩි සිසු සිසුවියන් පිරිසක් මේ මොහොත වනවිටත් කොළඹ දෙසට ගමන් කරමින් සිටී.

ඔවුන් අරලිය ගහ මන්දිරය වෙත ගමන් ගන්නා බව පවසන අතර සිසුන් මේ වනවිට ඔරුගොඩවත්ත ප්‍රදේශය පසු කරමින් සිටියි.

ඔවුන් ගමන් ගන්නා මාර්ගය අවට සහ විශ්වවිද්‍යාලය අවට පොලිස් හා කැරළි මර්දන ඒකක කැඳවා ඇත.

Facebook
Twitter
LinkedIn