රූපවාහිනී ලොක්කන් අතර ගැටුම්

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර එහි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ආරාවුලක් හටගෙන ඇතැයි එහි ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

මේ ආරාවුල සඳහා ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ප‍්‍රධාන විධායක නිලධාරී ගාමිණී සෝමචන්ද්‍ර රාසපුත‍්‍රට එහි පරිපාලනය සම්බන්ධයෙන් බලතල පැවරීමයි.

රූපවාහිනී සංස්ථා පනත යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව ප‍්‍රධාන විධායක නිලධාරීයට පවරා ඇති බලතල අවලංගු කරන බව ඊට විරෝධය දක්වන රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත.

රූපවාහිනී සංස්ථාවේ ‘අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව’ යනුවෙන් සඳහන් කරමින් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට හෝ බලතල පැවරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලයක් නැති බව ද සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

එසේම රාජ්‍ය ආයතනවලට අදාළ මූල්‍ය රෙගුලාසි පිළිබඳව හා පරිපාලන නීති රීති පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිසිදු දැනුමක් නැති බව ඔහුගේ ලිපියෙන් ප‍්‍රදර්ශනය කර තිබෙන බවද, සාමාන්‍ය කාර්යාල කි‍්‍රයාදාමයන් පිළිබඳව අදහසක් පවා නැති බවද සභාපතිවරයා එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn