තම ගැටලූවලට විසඳුම් ඉල්ලා හඩ නගන සරසවි සිසුන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීමටත් ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ මර්දනයෙන් යටපත් කිරීමටත් ආණ්ඩුව උත්සාහ දරන බව පෙනේ. මෙය සරසවි තුළ අර්බුදකාරී තත්වයක් හිතාමතාම නඩත්තු කරළීමේ සැලැස්මක්දැයි සැක පහළ වන තත්වයකි. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ පනත් නීතිගත කිරීමට ආණ්ඩුව කැස කවන්නේ මෙවැනි පරිසරයක් තුළය. රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ දැමීම මගින් ආණ්ඩුව පෞද්ගලික උසස් අධ්‍යාපන අවස්ථා දිරි ගැන්වීමට ද කටයුතු කරමින් සිටී. යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.එය සම්පූර්ණයෙන් පහත ඵල වේ.
”මේ වනවිට රාජපක්‍ෂ ආණ්ඩුව අවුල් කරමින් සිටින ක්ෂේත‍්‍ර අතර අධ්‍යාපනයට හිමිවන්නේ, ප‍්‍රමුඛස්ථානයකි. ශී‍්‍ර ජයවර්ධනපුර, රජරට යන ව්ශ්වවිද්‍යාල ප‍්‍රමුඛව සෙසු සරසවිවලද බරපතළ අර්බුද නිර්මාණය කරමින් තිබේ. මේ අර්බුද විසදීම වෙනුවට ඒවාට මැදිවූ සිසුන්ගේ සාධාරණ විරෝධය මර්දනීය කි‍්‍රයා මගින් යටපත් කරලීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු. එම සරසවි අර්බුද හදිසියේ පැනනැගුණ ඒවා නොවේ. ඇතැම් අර්බුද ආණ්ඩුව විසින් හිතාමතා ඇතිකළ ඒවා වන අතර ඇතැම් ඒවා ආණ්ඩුවේ නොහැකියාව නිසා උද්ගත වූ ගැටලූය.
අද වනවිට රජරට සරසවියේ වෛද්‍ය පීඨය වසා දමා ඇති අතර ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨය හැරෙන්නට සෙසු පීඨ වසා දමා තිබේ. රජරට වෛද්‍ය සිසුන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකකය ඇතුළු අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කරළීමට ආණ්ඩුව අසමත් වී තිබේ. ඒ හේතුවෙන් එම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අතර ඊට විසඳුම් දීමට ආණ්ඩුවට වුවමනාවක් හෝ හැකියාවක් ඇති බවක් නොපෙනේ. ජයවර්ධනපුර සරසවියේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වූ අතර ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. සරසවි පාලනයට දේශපාලන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන පරිපාලකයින් පාවිච්චි කරමින් ආණ්ඩුව විශ්වවිද්‍යාල තව තවත් අර්බදයට ඇද දමමින් සිටී.
එවන් තත්වයක් තුළ තම ගැටලූවලට විසඳුම් ඉල්ලා හඩ නගන සරසවි සිසුන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීමටත් ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ මර්දනයෙන් යටපත් කිරීමටත් ආණ්ඩුව උත්සාහ දරන බව පෙනේ. මෙය සරසවි තුළ අර්බුදකාරී තත්වයක් හිතාමතාම නඩත්තු කරළීමේ සැලැස්මක්දැයි සැක පහළ වන තත්වයකි. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ පනත් නීතිගත කිරීමට ආණ්ඩුව කැස කවන්නේ මෙවැනි පරිසරයක් තුළය. රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ දැමීම මගින් ආණ්ඩුව පෞද්ගලික උසස් අධ්‍යාපන අවස්ථා දිරි ගැන්වීමට ද කටයුතු කරමින් සිටී. ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන බව ප‍්‍රකාශ කරමින් අධ්‍යාපනයේ පෞද්ගලික ආයෝජන අවස්ථා පුළුල් කරන අතර පවතින සරසවි මර්දනයේ කේන්ද්‍රය බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
සිසු ගැටලූ විසඳීමට කටයුතු කරනු වෙනුවට ඒවා තව තවත් උග‍්‍රකරවීමටත් ශිෂ්‍ය මර්දනය තුළින් ගැටලූ යටපත් කිරීමටත් ගන්නා ආණ්ඩුවේ උත්සාහය දැඩිව හෙළා දකින අපි ආණ්ඩුවේ කූට ප‍්‍රයත්නයන් පරාජය කරලීම සඳහා පෙරට එන ලෙස සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2012.01.09”









