විරෝධතාවයකදී මියගිය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන ශෝක ප්‍රකාශයටත් වැට බඳින තරමටම ආණ්ඩුව ම්ලේච්ච වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කැස්බෑව මහ නගරසභා මන්ත්‍රී චාමර මද්දුමකලුගේ මහතා පවසයි.
පිරිසිදු ජලය ඉල්ලා සාධාරණ උද්ඝෝෂණයක් සිදුකළ රතුපස්වල ජනතාවට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයෙන් මිය ගිය පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් කළ ශෝක ප්‍රකාශ යොජනාව න්යායපත්රයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නගරසභාවේදී ඒ මහතා මේ බව පැවසීය.
චාමර කලුමද්දුමගේ මහතා ඉදිරිපත්කළ යෝජනාවේ මෙසේ සඳහන් වේ.
“පසුගියදා ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජල ගැටලුව විසඳා දෙන ලෙසට ජනතාව විසින් කරන ලද සාධාරණ උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයෙන් පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගියා. විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූවා.
එවැනි වූ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් සිදුකරණ ලද ම්ලේච්ච ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් බලවත් ශෝකයත් මෙම ගැටලුව විසඳා දෙන ලෙසට අදාල පාර්ෂවයන්ට බලකර සිටින ලෙසත් මෙම සභාවට යොජනා කළ යුතුයැයි මෙයින් යෝජනා කර සිටිමි.”
කේසේ නමුත් මෙම යෝජනාව කැස්බෑව නගරසභාවේ පාලක පක්ෂය විසින් න්‍යාය පත්‍රයෙන් ඉවතකර තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ නාගරික මන්ත්‍රී චමෙර මද්දුමකලුගේ මහතා නගර සභාවේ මහ සභා රැස්වීමේදී ප්‍රශ්න කිරීමත් සමග ඉතා උනුසුම්කාරී තත්වයක් හටගෙන ඇත.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශකර ඇත්තේ වතුර ඉල්ලූ ජනතාව ආණ්ඩුව විසින් වෙඩිතබා මරා දමා තිබියදී එයට ශෝකය පළ කිරීමටවත් වත්මන් පාලක පක්ෂය කටයුතු නොකිරීමට අකාරුණික වීම සිත් පිත් නැති මිනිසුන්ගේ ක්‍රියාවක් බවත් ආණ්ඩුවේ පවුල් පාලනය රැකීමට ඉහළ සිටි පහළටම මෙවන් සභාවකදී කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය.









