මිනිස්සු කැමතියි වෙඩිකන්න – ධර්මසිරි බණ්ඩාරනායක

රතුපස්වල සිදුවීම අවසාන වූ ආකාරය බැලු විට ජනතාව වෙඩි කෑමට කැමති යැයි සිතෙන බව ප්‍රවීන නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා සති අන්ත පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී පවසා තිබේ.

“කලාව ඇතුලෙ වැඩ කරද්දී අපි බර්ටෝල් බ්‍රෙෂ්ට් අදහනවා. බ්‍රෙෂ්ට් කියනවා මේ ජනතාව වෙනස් කරලා අළුත් ජනතාවක් පත් කර ගන්න ඕන කියලා. ඇත්තටම මේ ආණ්ඩු නෙමෙයි වෙනස් කරන්න ඕන ජනතාව. අපි බලමු වැලිවේරියෙ ප්‍රශ්නය. අන්තිමට ගිහින් නතර වුනේ ජනාධිපති මන්ධිරයෙන්. ඒ හමු‍වීමේ පින්තූරය දකිනකොට මට හිතෙනවා මිනිස්සු කැමති වෙඩි කන්න. මිනිස්සු කැමතියි වෙඩි තියනවට නේද කියලා.” ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn