රතුපස්වලින් නැවතත් රතු එළියක්

රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාව නැවතත් ඊයේ (30) විවෘත කිරීම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ නැවතත් උණුසුම් තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.

කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමග ප්‍රදේශයේ ජනතාව නැවතත් විරෝධතා ආරම්භ කර ඇති අතර තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන් වහන්සේ නැවතත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

කර්මාන්ත ශාලාව අවට රැස්වී සිටින ජනතාව කර්මාන්ත ශාලා‍වේ ඇතුළුවීමේ පිටවීමේ ගේට්ටු අවහිර කරමින් විරෝධය පළ කරන බවත් කර්මාන්ත ශාලා සේවකයන්ට පිටවීම‍ට නොදෙන බවත් වාර්තා වේ.

කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් බොහෝ පිරිසක් යොදවා තිබේ.

ඡායාරූප – Dailymirror

 

Facebook
Twitter
LinkedIn