මවගේ කාරය හොරෙන් පැදවූ 8හැවිරිදි දරුවා අනතුරට පත්වෙයි

ඇමරිකාවේ 8 හැවිරිදි පිරිමි දරුවකු 6 හැවිරිදි තම සොහොයුරිය සමග රාත්‍රී කාලයේ තම මව‍ගේ කාර් රථය පදවමින් සිටියදී අනතුරකට පත්ව දැරිය මිය ගොස් රථය පැදවූ දරුවා තුවාල ලබා ඇත.

ඔවුන් දෙදෙනා නිවසේ නොමැති වීම හේතුවෙන් මව ඔවුන් සොය ඇති අතර දෙදෙනාම රාත්‍රී පිජාමා ඇඳුමින් මවට හොරෙන් ඇගේ කාර් රථය පදවාගෙන ගොස් ඇත. කුඩා දරුවෙකු කාර් රථයක් පදවාගෙන යන බවට පොලීසියට ලැබුනු තොරතුරක් මත ඔවු‍න්‍ සොයාගෙන ඇති අතර පොලීසිය පැමිණ රථය නැවැත්වීමට පෙර කණුවක හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

Facebook
Twitter
LinkedIn