ජැක්සන්ගේ උපන් දිනයට Twitter කාර්යබහුල වෙයි

සුපිරි ගායක මයිකල් ජැක්සන්ගේ 55වැනි උපන් දිනය අදට(29) යෙදී තිබෙන අතර මයිකල් ජැක්ස‍න් වෙනුවෙන් ලොව පුරා රසිකයෝ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා සුබ පැතුම් එක් කර තිබේ.

මීට වසර හතරකට පෙර මියගියද ඔහුගේ ජනප්‍රියතාව කිසිසේත් අඩු වී නොමැති බව ලොව පුරා අද දිනයේ සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වූ උපන් දින සුබ පැතුම් මගින් හොඳින් පැහැදිළි වේ. එම සුභපැතුම් අතර ජැක්සන්ගේ වියෝව සම්බන්ධ රසිකයන්ගේ කනගාටුව ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් එක් වූ අතර ඔහු තවමත් ඔවුන් තුල ජීවත් වෙන බව ඇතැම් රසිකයන් ප්‍රකාශ කොට තිබේ.


Facebook
Twitter
LinkedIn