තම බිරිඳට පහරදී තුවාල සිදුකිරීම හා ඇය බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් කළ චෝදනාව මත, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කෝට්‌ටේ මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් නමැත්තා වැලිකඩ පොලිසිය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.
කාලයක් තිස්‌සේ නාගරික මන්ත්‍රීවරයා තමාට වධහිංසා පමුණුවමින් බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් කළ බව නාගරික මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මන්ත්‍රීවරයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.
සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද (28) අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.
Views: 0









