යාපනයේ අත්‍යවශයෙන්ම තිබිය යුතුයැයි පසුගිය සමයේ පුන පුනා කියූ අක්කර 30ක පමණ භූමිභාගයක පිහිටා තිබූ හමුදා කඳවුරු 6ක් එම ප්‍රදේශයෙන් ඉවත්කොට ප්‍රධාන හමුදා කඳවුරු වෙත රැගෙන ගිය බව යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කරන පරිදි සමාන්‍ය ජනතාවට අයත් හමුදාව විසින් පාවිච්චියට ගත් නිවාස 10ක් එම ප්‍රදේශයේ තිබී ඇත.
මෙම හමුදා කඳවුරු ඉවත් කර ජන ජීවිත සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගන්නැයි සහෝදරත්වයේ ජනතා පවුර, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය, වැනි සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ රජයෙන් කළ ඉල්ලීමේදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා පවා පැවසූවේ එම කඳවු පැවතීම ඉතා අත්‍යාවශ්‍ය බවයි.
දේශපාලන විශ්ලේෂකයන් මේ සම්බන්ධයෙන් පවසන්නේ නවනීදන් පිල්ලේ මහත්මිය මේ දිනවල මෙරට සංචාරයක නිරතව ඇති බැවින් ඇයගෙන් විවිචෙන එල්ලවේයැයි ආණ්ඩුවට ඇති සැකය හා බිය නිසා මෙම කඳවුරු ඉවත් කිරීම සිදුකරන බවයි. බොහෝ විට මෙය තාවකාලිකවනු ඇති බවත් නිරන්තර සෝදිසි මෙහෙයුම් මෙම ප්‍රදේශවල සිදු වනු ඇති බවත් ඔවුහූ මත පළකරති.









