NSB ශ්‍රේණිගතකිරීම්වල පහළට

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිදුකිරීමට යන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවට අදාළව ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹීමට සූදානම් වෙද්දී ෆිච් රේටින්ග්ස් විසින් මෙම නිකුතුවට ලබාදී තිබෙන ඌණ ආයෝජන ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ අවධානය යොමුවේ.

ෆිච් රේටින්ග්ස් පවසා තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට BB- අපේක්ෂිත ණය ශ්‍රේණියක් ලබාදී තිබෙන බවයි. මෙම ණය ශ්‍රේණිය ඌණ ආයෝජන ණය ශ්‍රේණියක් වන අතර පසුගිය කාලයේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පහළ වැටී නැගී සිටීමට වෙර දරමින් සිටින අවස්ථාවේදී මුලින්ම වෙළඳ පොළට යන විශාල නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලකිය හැකිය. මේ නිසා, මෙම නිකුතුවේදී පසුගියදා ලංකා බැංකුව සිදුකළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදීට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

එම වෙළඳ පොළ හිස එසවීම ආරම්භ කළ මේ අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිකුත් කිරීමට යන ඩොලර් බැඳුම්කරයේ ණය ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්වනු ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත අනාවරණය කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඩොලර් බිලියනයක් දක්වා මෙම නිකුතුවෙන් රැස්කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ තුළින් රජයේ අයවැය හිඟය පියවාගැනීමට සහාය ලබාදීමට බලාපොරොත්තු වේ.

Facebook
Twitter
LinkedIn