ගුවන් අනතුරින් දෙදෙනෙක් මියයයි

ඇමරිකානු පුද්ගලික සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් අද(15) ඇට්ලන්ටා ප්‍රදේශයේදී අනතුරට පත් වීමෙන් ගුවන් නියමුවා සහ සහය නියමුවා මියගොස් ඇති බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

 

ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන(Cargo-Delivery) සමාගම වන UPS සමාගමට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වී ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගුවන් යානය බිම පතිත වන විටත් එහි ගින්නක් තිබූ බව සිදුවීම දුටු පුද්ගලයෙක් පවසා තිබේ.


Facebook
Twitter
LinkedIn