වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිත වල ඊයේ(29) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 70කට වැඩි භූමි ප්රදේශයක් විනාශ වී ඇතැයි මොණරාගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
වියලි කාලගුණයත් සමඟ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න පාලනය කිරීමට යුධ හමුදාව සහ ප්රදේශවාසීන් දැඩි වෙහෙසක් දැරූ බව වාර්තා වේ.
ඊයේ රාත්රිය වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ අතර කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකපල කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Views: 0










