කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

අද(30) උදෑසන 7.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වාත් කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් මෙම මාර්ග සැළැස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදුබඩ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන රථවාහන වැල්ලවත්ත දුම්රිය ස්ථානයත් බම්බලපිටිය දුම්රිය ස්ථානයත් අතර ඇති හේග් පාර ඔස්සේ ගාලු පාරට ගමන් කළ යුතු බව පොලීසිය දන්වා සිටියි.

එසේම කොළඹට ඇතුළුවන සහ පිටවන වාහන ගාලු පාර සහ ඩුප්ලිකේෂන් පාර භාවිත කරමින් ගමන් කිරීම යෝග්‍ය බව ද පොලීසිය පවසයි.

මේ අතර ගාල්ල දෙස සිට කොළඹට ඇතුළුවන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස රත්මලාන අත්තිඩිය මාර්ගය ඔස්සේ පැපිලියාන මංසන්ධිය හරහා කොහුවලට පැමිණ කොළඹට ඇතුළුවිය හැක.

එසේම මාර්ග තදබදය අවම කර ගැනීමට දෙහිවල ගුවන් පාලම අසලින් නැදිමාල දෙසට පැමිණ පැපිලියාන ශස්සේ කොළඹට පැමිණිය හැක.

Facebook
Twitter
LinkedIn