සති දෙකක් තුළ CIDය හමුවේ පෙනී සිටින්නැයි රවී කරුණානායකට නියෝග

සති දෙකක් තුළ CIDය හමුවේ පෙනී සිටින්නැයි රවී කරුණානායකට නියෝග

කූප්‍රකට මහ බැදුම්කර වංචාව සම්බන්ධව සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදී ඇති බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එල්ලවී අති චෝදනා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා අද(29) සිට සති දෙකක් අතුළත රහස් පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රවී කරුණානායක මහතාට නියෝග කර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඇති මෙම පැමිණිල්ල අද(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.

එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට අදාලය අමාත්‍යවරයාගෙන් පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රකාශයක් ලබාගත් බවත් ඉන් පසුව කිහිපවරක් කැඳවීම් සිදුකළ ද ඒ මහතා පෙනී නොසිටි බවත් ය.

මේ හේතුවෙන් පරීක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇතැයි ද නීතීඥවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ අද දින සිට සති දෙකක් තුළ රහස් පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි රවී කරුණානායක මහතාට නියෝග කර ඇත.

එසේම පැමිණිල්ලට අදාල පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලීසියට නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn