ලග්ගල පොලීසියේදී අමානුෂික ලෙස පහරකෑම්වලට සහ වධ හිංසනයට ලක්ව මාතලේ රෝහලේ නේවාසියකව ප්රතිකාර ලබමින් සිටි තරුණයාට පොලීසිය හොර රහසේම පගාවක් දීමට සූදානම් වී ඇතැයි වාර්තාවේ.
නිළ ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් රෝහල් වාට්ටුවටම පැමිණ ප්රතිකාර ලබාගැනීම සදහා යැයැ පවසමින් රුපියල් 50,000ක මුදලක් මෙසේ ඔහුට ලබාදීමට උත්සාහ ගෙන තිබේ.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු රෝහලෙන් ඔහුගේ ටිකට් කැපූ නිසා රෝහලේ සිට නිවෙස බලා පැමිණෙමින් සිටියදී යළි ක්ලාන්තය තත්වයක් ඇති වී දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
කෙසේ නමුත් මෙම රුපියල් 50,000ක මුදල පොලීසියට ලබාදී ඔවුන් එවා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ලක්ෂ්මන් වසන්ත පෙරේ මහතා යැයි විශ්වාසදායී ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෙම ප්රහාරයෙන් පසු මන්ත්රීවරයා සහ පොලීසිය අතර ඇති ජාවාරම් කාර සම්බන්ධය කතා බහ නවතා ගැනීමේ අරමුණෙන් මෙම මුදල් ලබා දීමට උත්සාහ කර ඇති බවත් පැවසේ.
ආශ්රිත පුවත්









