අන්තවාදී ප්රචණ්ඩත්වය පසුබිමේ ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන බලය හා අනුග්‍රහය යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පසුගිය 10වනදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට පහරදීමේ සිදුවීම සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් තම පක්ෂයේ මතය රටට පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“පසුගිය 10වැනි දින රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට පහරදීමේ සිදුවීම සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් 6දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් දහස් ගණනක් වටිනා දේපළ අහිමි වී ඇති බවත් ජනමාධ්‍ය විසින් වාර්තා කොට තිබේ. ජාතිවාදී හා ආගම්වාදී ලේ ගංගා වුවමනාවටත් වැඩියෙන් ගලාගොස් ඇති ලාංකේය භූමිය මත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තවමත් සිදුවෙමින් පැවතීම පිළිබඳව අපි දැඩිව කණගාටු වන අතර එම සිදුවීම දැඩිව හෙළා දකිමු.
මේ අන්තවාදී සෑම සිදුවීමක් විසින්ම වගුරුවා හරින ලේ පෝෂණය කොට ගනිමින් නැවත වරක් දළුලා වැඩෙන්නේ අන්තවාදයමය. එක් අන්තවාදයක ක්‍රියාවන්ට ප්රතිකි්රයා වශයෙන් අනෙක් අන්තවාදය වර්ධනය වන බව ඉතිහාසය සාක්ෂි දරා ඇත්තේ වරක් දෙවරක් නොවේ. එසේ වන බව දැන දැනම තම ජාතිකත්වයට, ආගමට තිබෙන්නේ යැයි කියනු ලබන ලැදිකමක් විදහා පෙන්වමින් මෙවැනි අන්තවාදී ක්‍රියාවන්හි නියැලෙන්නන්ගේ කූට අරමුණ වනුයේද අනෙකා අවුළවා ගැනීමදැයි සැක සිතෙන තරම්ය.
ග්‍රෑන්ඩ්පාස් සිදුවීම සලකා බැලුවහොත් අන්තවාදීන්ගේ මැදිහත්වීම මෑත කාලයේ ඔවුන්ගේ බොහෝ මැදිහත්වීම්වල පරිදිම නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම තමන් අතට ගැනීමකි. මෙබඳු අවශ්‍යතාවයක් හා හැකියාවක් ඔවුනට ලැබෙන්නේ, ආණ්ඩුව හා ඔවුන් අතර පවතින සමීප සබඳතාව නිසා බව පැහැදිලිය. නූරිය වැනි තැනක අරාජිකත්වය ගොඩනැගුණේ අහම්බයකින් නොවේ. එහි දේශපාලන බලය හා මැර බලය එකට අත්වැල් බැඳගෙන මහත් විනාශයකට මඟ පෑදූ පරිද්දෙන්ම මෙම අන්තවාදී ප්රචණ්ඩත්වය පසුබිමේ ඇත්තේද ආණ්ඩුවේ දේශපාලන බලය හා අනුග්‍රහය බව සැඟවිය නොහැකිය.
මෙවැනි ආගම්වාදී ජාතිවාදී ගැටුම් අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවටය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කොට ආගම්වාදය අවුලුවා ඒ තුළ ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමටත් රතුපස්වල වෙඩි තැබීම නිසා නිර්මාණය වූ ආණ්ඩු විරෝධී මතය යටපත් කර ගැනීමටත් මෙවැනි සිදුවීම් ආණ්ඩුවට අවශ්‍යය. එබැවින් ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනා ඉටුකරන මෙවැනි ගැටුම්වලට දායක නොවීමත් ඒවා හෙළාදැකීමත් සාධාරණයට ගරුකරන සියලු ජනතාවගේ වගකීම වේ.
හුදු එදිනෙදා පැවැත්ම පිළිබඳව පමණක් සැලකිලිමත් ආණ්ඩුවක අනුග්‍රහය ඇතිව දිගහැරෙන මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් ආණ්ඩුව විශ්වාස කරන පරිදි ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්නේ නැත. ඒ වෙනුවට මෙවැනි සිදුවීම් පාර කපන්නේ, රටටත් ජනතාවටත් ව්‍යසනය කැඳවන තව තවත් අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලටය; බලපෑම්වලටය. මේ තත්වය තුළ ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදයේ කිසිදු මැදිහත්වීමකට ඉඩ නොදිය යුතු බවත් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට නිල හා නොනිල අනුග්‍රහය පළකරන ආණ්ඩුවේ දේශපාලනය පරාජය කළ යුතු බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන්ට අපි අවධාරණය කර සිටිමු. එසේම ග්රෑන්ඞ්පාස් සිදුවීම්වලට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නොපමාව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවටද අපි ආණ්ඩුවට දැඩිව බලකර සිටිමු.”









