නීති කඩන්නේ සන්ධානයමයි…

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි ඒකකයට සිකුරාදා (09) වනවිට ලැබී තිබූ පැමිණිලි 68ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපෙක්ෂකයන් සහ මැති ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ මැතිවරණ නීති උල්ලංගනය කිරීමට අදාළ පැමිණිලි බව එම ඒකකය පවසා සිටියි.

රජයේ වාහන අයථා ලෙස මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීමේ පැමිණිලි 15ක්‌ද භාණ්‌ඩ බෙදාදීම හා නීති විරෝධී රැස්‌වීම් පිළිබඳව පැමිණිලි 13ක්‌ද පෝස්‌ටර්, කටවුට්‌ ප්‍රදර්ශනය කිරීමේ පැමිණිලි 08ක්‌ද රාජ්‍ය ආයතනවල ස්‌ථාන මාරු කිරීමේ පැමිණිලි 07ක්‌ද රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීම් පැමිණිලි 05ක්‌ද පහරදීම් 02ක්‌ හා ගිනි අවි පෙන්වා බිය කිරීම් 03ක්‌ද එම පැමිණිලි අතර තිබේ.

ඉන් පැමිණිලිවලින් 14ක්‌ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර උතුරු පළාතෙන් පැමිණිලි 11ක්‌ ලැබී ඇත.

මෙතෙක්‌ විපක්‍ෂයේ දේශපාලන පක්ෂවලට හෝ ස්‌වාධීන කණ්‌ඩායම්වලට එරෙහිව කිසිදු පැමිණිල්ලක්‌ ලැබී නැති බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn