ජල විදුලි බලාගාර ආශ්රිත ප්රදේශවලට ඇදහැළුණ වර්ෂාව නිසා ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගියද විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඛනිජ තෙල් මිල ඉහළ යැම නිසා විදුලිබල මණ්ඩලයට දරන්න සිදුව ඇති පාඩුව පියවා ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය පවසයි.
2012 වසරේදී පැවති නියඟය නිසා විදුලිබල මණ්ඩලය විදුලිය උත්පාදනය කිරීම සඳහා 70%ක්ම භාවිත කළේ ඉන්ධන තාප විදුලි බලාගාර බවත් ඉන් විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන්ද හැකියාවක් නොලැබුණු බවත් ඇය කියා සිටී.
ඉදිරියේදී ගල්අඟුරු බලාගාර මගින් ලබාගන්නා විදුලිය ප්රමාණය ඉහළ නංවා ගැනීම මගින් විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට පියවර ගන්නා බවද පවිත්රාදේවි වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසා සිටී.
කෙසේ නමුත් මේ වනවිට නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයද දෝශ හටගැනීම නිසා ක්රියා විරහිත කර තිබේ.









