අධික වැසි සහිත කාලගුණයේ බලපෑමෙන් සූඩානයේ 60කට අධික පිරිසක් මරුට

අධික වැසි සහිත කාලගුණයේ බලපෑමෙන් සූඩානයේ 60කට අධික පිරිසක් මරුට

සූඩානයට ඇද හැලෙන අධික වර්ශාව සහ ගංවතුර හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 62ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සූඩාන රජයේ මාධ්‍ය ඒජන්සිය නිකුත් කර ඇති නිවේදනයට අනුව සූඩානයේ ප්‍රාන්ත 15ක පුද්ගලයින් ලක්ෂ 2කට පමණ මෙම වැසි තත්වයේ බලපෑම් එල්ලවී තිබේ.

ගංවතුරට හසුව විනාශ වී ගිය නිවාස ගණන 37000ක් පමණ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

මෙම අධික වැසි තත්වය ලබන ඔක්තෝබර් මාසය දක්වා පැවතිය හැකි බවත් අවධානම් තත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් කාලගුණ අංශ දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn