වෙලේ සුදා, පොට්ට නවුෆර් සහ කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයට

වෙලේ සුදා, පොට්ට නවුෆර් සහ කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයට

මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා සහ පොට්ටි නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මකවන පිරිදි බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

එසේම ගංජා ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව වරදකරු වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත යවා ඇත.

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ ද මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් මැතැත්තා දුම්බර බන්ධනාගාරයේ ද රඳවා තිබිණි.

මොවුන් තිදෙසා ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරය වෙත යවා රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස්(පාලක) බන්දුල ජයසිංහ මහතා පවසා තිබේ.

මොවුන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට බන්ධනාගාර බුද්ධි අංශ මගින් ලබාදී ඇති වාර්තා අනුව තවත් සිරකරුවන් රැසක් ඉදිරි දිනවලදී වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn