දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ සිට කොට්ටාව දෙසට ධාවනය වූ මෝටර් රථයක් අද (08) දහවල් 12.15ට පමණ අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලාබා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධියෙන් මියගිය අය අතර කාන්තාවක්ද සිටින බව පැවසේ.
අනතුරට පත් මෝටර් රථය ලිස්සාගොස් අධිවේගී මගේ දකුණුපස යකඩ වැටේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
Views: 0









