පාර්ලිමේන්තුවේ බිම් මහලේ සහ පළමු මහලේදී පාර්ලිමේන්තුවේ 11 දෙනෙකු පය ලිස්සා ඇදවැටී ඇතැයි වාර්තා වේ.
ඊයේ (21) දිනයේදීත් අද (22) දිනයේදීත් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එ් සම්බන්ධයෙන් සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ බිමට අතුරා ඇති පිඟන් ගඩොල් පිරිසිඳු කිරීමට නියමිත ද්‍රව්‍යය වෙනුවට වැරදි ද්‍රව්‍යයක් යෙදීමෙන් එය දැඩි ලෙස ලිස්සායාමේ ස්වභාවයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස අනතුරු සිදුවී ඇති බවය.
ඊයේ දිනයේ කිහිප දෙනෙකු පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීය වන තුරු එය පිරිසිඳු කළත් ලිස්සායාමේ ස්වභාවය ඉවත් වී නැති බවද වාර්තා වේ.
මේ හේතුවෙන් දැඩිව ලිස්සීම සිදුවන ස්ථානවල ඒ බව සඳහන් පුවරු තැබීමට හා ලණු ඇද එම ප්‍රදේශ ආවරණය කිරීමට පාර්ලිමේන්තු සේවකයින් කටයුතු කර ඇත.
Views: 0










